මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මව්කිරි දීමේ සතිය අද සිට 07 දක්වා

    අගෝස්තු 01, 2014
    "මව් කිරි දෙමු - දිවිය දිනමු" යන්න මෙවර තේමා කර ගනිමින් ජාතික මව්කිරි දීමේ සතිය අද (01) සිට ලබන 07 දින දක්වා ක්‍රියාත්මක කෙරේ.


    මව්කිරි දීම ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජාතික මව්කිරි දීමේ සතියක් සෑම වසරකම අගෝස්තු 01 සිට 07 දක්වා ක‍්‍රියාත්මක වේ. ඒ අනුව මව්කිරි දීම ප‍්‍රවර්ධනය කිරීම තුළින් 2015 වසර වන විට ළඟා කර ගත යුතු සහශ‍්‍ර සංවර්ධන දර්ශක 08 කරා ළඟාවීම සෞඛ්‍ය අමාත්‍යාශයේ අරමුණයි. 

     

    ලෝකයේ මව්කිරි දීම අතින් ශ්‍රී ලංකාව ඉහළ ස්ථානයක සිටී. දැනට මෙම තත්ත්වය 75%ක මට්ටමක පවතී. මේ තත්ත්වය 90% දක්වා වැඩි කර ගැනීමට මෙම සතිය තුළ ක‍්‍රියාත්මක වන වැඩසටහන් හරහා අපේක්ෂා කෙරෙනු ඇත. 

     

    ළදරුවකුගේ මොළයේ වර්ධනයට අත්‍යවශ්‍ය සංඝටකයක් වන ලැක්ටෝස් සීනි වර්ගය වැඩිපුර අඩංගු වන්නේ වෙළෙඳපොළේ පවතින පිටි කිරිවලට වඩා මව්කිරිවල වීම විශේෂත්වයක් ගනු ඇත. මොළයේ වර්ධනයට ඉවහල් වන සංඝටක 10ක වැඩිවීමක් මව්කිරි දීම තුළින් සිදු වේ. මව්කිරි ලබාදෙන ළදරුවෙකුට බඩේ අජීර්ණ, කනේ ආසාදන, දත් නරක්වීම, ශ්වසන ආබාධ, හෘද රෝග හා අධික ස්ථුලතාව වැනි රෝගී තත්ත්වයන් ඇති නො වේ. 

     

    දරුවෙකු ඉපදී මුල් පැය තුළ මව්කිරිදීම ආරම්භ කළ යුතු වන අතර මෙම ක‍්‍රියාවලිය මාස 06ක් අඛණ්ඩව ලබාදීම සිදු කළ යුතු වේ. ඉන්අනතුරුව මව්කිරි සමඟ අමතර ආහාර වේල් ලබාදීම කළ හැකි වනු ඇත. දරුවෙකුට අවම වශයෙන් වසර 02ක කාලයක්වත් මව් කිරීදීමට හැකි නම් වඩාත්ම සුදුසු වනු ඇත. රැකියාවට යන මවකට මව්කිරිදීමේ ගැටලුවක් නොපවතින අතර මව් කිරි දොවා ශීතකරණයක තබා දරුවාට ලබාදීමට හැකියාව තිබේ. මව්කිරි දොවා සාමාන්‍ය උෂ්ණත්වයේ පැය 06ක්ද, ශීතකරණයේ පැය 24ක් හා අධි ශීතකරණයේ මාසයක් පමණ තැබිය හැකියි. යම් කිසි මවකට මව්කිරිදීම පිළිබඳව ගැටලුවක් ඇත්නම් මව්කිරි කළමනාකරණ මධ්‍යස්ථාන හරහා ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට ද හැකියාව ඇත. මෙවැනි මධ්‍යස්ථාන 44ක් මේ වන විට රජයේ රෝහල් තුළ පිහිටුවා තිබේ. 

     

    NDH/SK_cmu 

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya