මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ලට මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයක්

    ජූලි 31, 2014
    2014 ඌව පළාත් පාලන මැතිවරණයට සමගාමීව මැතිවරණ පැමිණිලි භාරගැනීම සඳහා දිස්ත්‍රික් මධ්‍යස්ථානයක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ස්ථාපනය කොට ඇත.
     
    ඌව පළාත් මැතිවරණයට අදාළ පැමිණිලි මෙහිදී භාරගන්නා අතර මෙම මධ්‍යස්ථානය දිනපතා පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා විවෘත ව පවතී. 0552 224 417 යන දුරකතන අංකය ඇමැතීමෙන් මෙන් ම මෙම අංකය වෙත ෆැක්ස් කිරීමෙන් ද පැමිණි ඉදිරිපත් කළ හැකි අතර ලිපි මාර්ගයෙන් එවනු ලබන පැමිණිලි ද භාරගැනේ. 
     
    මෙම මධ්‍යස්ථානය සහකාර තේරීම්භාර නිලධාරීවරයෙකු, නිලධාරීන් දෙදෙනෙකුගෙන් හා එක් පොලිස් නිලධාරීවරයෙකුගෙන් සමන්විත වේ.
     
    බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා බදුල්ල පොලිසිය එක්ව මෙම මධ්‍යස්ථානය පිහිටුවීමට කටයුතු කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya