"ඒ කාලේ අලුත් තර්කයක් ආවා ජනතාවට අවශ්‍ය දේ ලෝකේ කොහේ හරි මුල්ලක අපේ රටට වඩා ලාබෙට තියෙනවා නම් අපි ඒ දෙය ගෙනත් දෙන්න ඕනෙයි කියලා. හොයලා බැලුවාම චීනයේ ලාබයි රෙදි. චීනෙන් රෙදි ගෙනාවා. ඊලඟට හාල් ලාභයි තායිලන්තයේ. තායිලන්තයෙන් හාල් ගෙනාවා. මේ වගේ ලෝකේ කොහේ හරි මුල්ලක හැම බඩුවක්ම ලංකාවට වඩා ලාබයි. අපි ඔක්කෝම විවෘත කරලා හැම දේම පිටරටින් ගේන්න බැලුවා".
රටේ දීර්ඝ කාලයත් තිබුණු විදේශ සංචිත පාවිච්චි කොට පිටරටින් බඩු ගෙනෙන්නට පටන් ගත් බවත් කාලයක් ඇවෑමෙන් බඩු ගෙන ඒමට මුදල් නොමැති වූ අවස්ථාවේ දී නිෂ්පාදනයක් නොකර පිටරටවල බඩු තිබ්බත් ඒවා ගෙන්වාගැනීමට සල්ලි නැතිවෙන බවත් තේරුම් ගත් බවත් පැවසීය.
මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ දේශීය කර්මාන්ත යළි නගාසිටුවීමේ දැවැන්ත වෑයමක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. අපේ ඉතිහාස කතාව ලිඛිත ඉතිහාසයේ පටන් ගන්නේ විජය කුමාරයා ලංකාවට එද්දී කුවේණිය කපු කටිමින් සිටියයි කියලා. අපේ තිබුණ ඒ දියුණු ශිෂ්ටාරයේ ඉතුරුව පවතින එක සංකේතයක් පේෂ කර්මාන්තය. මේක සජීවී පුරාවස්තුවක්. අපි මේක රැකගන්න ඕනේ. ඒ නිසා අපි කර්මාන්තය රැකගැනීම වෙනුවෙන් වෑයම් දරන බවත් අමාත්‍යවරයා වැඩිදුටත් පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාදුක්ක අරුක්වත්ත පේෂකර්ම පුහුණු මධ්‍යස්ථානයේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. මෙහිදී අරුක්වත්ත පේෂකර්ම මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වූ පේෂකර්ම පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කළ පුහුණුලාභීන් එකොළොස් දෙනෙකු වෙත අත්යන්ත්‍ර සහ උපාංග ලබා දීම ද සිදු කෙරිණි.
බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.
DB