මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බටහිර රටවල් ලෝකයේ ඇති කළ වැරදි මතය ජනාධිපතිතුමා වෙනස් කළා

    ජූලි 30, 2014
    එල්.ටී.ටී.ඊ. සංවිධානය ඉල්ලන දේ ලබාදෙන තුරු යුද්ධය අවසන් කිරීමට අපහසු බව, එදා විදේශ රටවල වැඩමුළු තබමින් ඇතැම් බටහිර රාජ්‍යයන් ලෝකය තුළ වැරදි මතයක් ව්‍යාප්ත කළ බවත්, එය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනස් කළ බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ නායිකා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.
     
    අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ පසුගිය දින කළුතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ කළුතර දිස්ත්‍රික් නියෝජිත සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. 
     
    අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මඟ පෙන්වීම මත දිවයින පුරා ක්‍රියාත්මක "රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම" ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මන්ත්‍රණ මාලාවට සමගාමීව, මෙම කාන්තා නියෝජිත සම්මේලනය සංවිධානය කරනු ලැබ තිබුණේ මහා මාර්ග, වරාය හා නාවික ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසිනි. සම්මන්ත්‍රණය සඳහා කාන්තාවෝ 2000ක් පමණ සහභාගී වී සිටියහ.
     
    "ජාතියක් ලෙස රට ඉදිරියට යන මොහොතක එය ආපස්සට හැරවීම සඳහා එදා මෙන්ම අදත් දේශීය හා විදේශීයව ද කුමන්ත්‍රණ පවතියි. එම බලවේග පරාජය කළ යුත්තේ, ආවේගවලින් නො ව, බුද්ධිමත්ව ක්‍රියා කිරීමෙනි. යුද්ධය නිමාවෙන් පසුව රටක් ලෙස ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය, ඇතැම් බටහිර බලවේගවලට දරා ගැනීමට නොහැකි වී තිබේ". 
     
    අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා කුමන බාධක, බලපෑම් පැවතියත් රට  වෙනුවෙන් ගත් තීරණය මේ මව්බිම තුළ ජීවත්වන සියලු පුරවැසියන් වෙනුවෙන් ගත් තීරණයක් මිස, එය පක්ෂ, පාට, ජාති, ආගම් දෙස බලා, ගත්  තීරණයක් නොවන බවද අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී පෙන්වා දුන්නාය. 
     
    මෙම කාන්තා නියෝජිත සම්මේලනය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, පළාත් සභා මන්ත්‍රීවරියන් වන මල්ෂා කුමාරතුංග, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මමහත්මීන් ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයින් පිරිසක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ  සාමාජිකාවෝ රැසක් සහභාගී වී සිටියහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya