ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළේ Santalum Album යන උද්භිද නාමයෙන් හඳුන්වන සුදු හඳුන් (sandalwood) ශාකය ඉන්දියාවේ සිට අග්නිදිග ආසියාවේ මධ්‍යම නිවර්තන පරිසර තත්ත්වයන් යටතේ ස්වභාවිකව වැඩෙන ශාකයක් බවයි. ලංකාවේ මැදරට මාතලේ, නුවර, බදුල්ල යන ප්‍රදේශවල ස්වභාවිකව වැඩෙයි.
මේ ශාකයෙන් නිස්සාරණය කරනු ලබන සඳුන් තෙල් ඉහළ ආර්ථික වටිනාකමකින් යුක්ත වන අතර ශාකයේ දළු ආහාර, කැඳ සඳහා යොදා ගනී. අඩි 20ක් පමණ ඉහළට වැඩෙන මේ ශාකය මධ්‍යම ප්‍රමාණයෙන් යුක්තයි. තද කොළ පැහැති පත්‍ර අභිමුඛව පිහිටයි. මුල පරපෝෂිත ලක්ෂණ පෙන්වන අතර ගෙඩි තද කොළ පාටින් යුක්ත වන බව ද කෘෂිකර්ම අධ්‍යක්ෂ පමුණුව මහතා පැවසීය.
දැනට මාතෘකා වී ඇති Eythroxylum Coca යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කොකා ශාකය බැලූ බැල්මට සුදු හඳුන් පැළයට සමාන වුවද එහි වෙනස්කම් රැසක් සහිත වන බව ද ඔහු පෙන්වා දුන්නේය.
මේ ශාකය මධ්‍යම ඇමරිකාව, බොලිවියාව, ආජන්ටිනාව, මෙක්සිකෝව ආදී රටවල ස්වභාවිකව වැඩේ. මෙහි පත්‍රවල ඇති "ඇල්කොලොයිඩ්" නම් රසායනිකය මත්වන සුළු වන අතර එය අන්තර්ගත වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් බැවින් කොළ ආහාරයට ගත් විට මත්වීමක් සිදු නොවන බව ද ඔහු පැවසීය.
මේ ශාකයේ උද්භිද ලක්ෂණ ලෙස පත්‍ර ස්කාන්තරව ගෙඩි පත්‍ර පාදයේ හට ගනී. එසේම මෙහි බීජ සඳුන් මෙන් නො ව ඉතා ඉක්මනින් පැළවෙන නිසා ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් සිදු වේ. ගස අඩි 10ක් පමණ උස්ව වැඩෙන බව පවසන කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා ලංකාවේ සෑම ප්‍රදේශයකට ම ව්‍යාප්ත වන බව පවසයි.
දැනට මාධ්‍ය මඟින් සාකච්ඡා කෙරෙන ශාකය "සුදු හඳුන්" පැළ නොවන බවත් ඒවා "කොකා" ශාකය බවත් පමුණුව මහතා ප්‍රකාශ කළේය. මේ ශාකය රාජ්‍ය නොවන සංවිධානයකින් බෙදා දුන්නාද නැද්ද යන්න පිළිබඳව තමන්ට නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ද ඔහු කීය. බොහෝ විට උද්‍යාන වගාකරුවන් හරහා ශාකය ව්‍යාප්ත වීමක් සිදු වන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. තම ආයතනයට මේ සම්බන්ධයෙන් කළ හැක්කේ ජනතාව දැනුවත් කිරීම පමණක් බව පවසන කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා ඉදිරි ක්‍රියාමාර්ග මත්ද්‍රව්‍ය නාශක අංශය මඟින් ගත යුතු බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
NDH/WK-BG dmu polonnaruwa