මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා '' යටතේ රුපියල් මිලියන 79ක් වටිනා ණය 46,673ක් නිකුත් කර අවසන්

    අප්‍රේල් 01, 2019

    ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය යටතේ මේ වන විට ලියාපදිංචි කර ඇති ණය සංඛ්‍යාව 46,673කි. මේ යටතේ රුපියල් මිලියන 78,621.6ක් වටිනා ණය ලබා දී තිබේ.

    වැඩිම ණය ප්‍රමාණයක් ලබා දී ඇත්තේ “සොඳුරු පියස” නිවාස ණය යෝජනා ක්‍රමය යටතේ ය. එම ණය සංඛ්‍යාව 20,286කි. “ගොවි ජනතාව” වෙනුවෙන් ක්‍රියාත්මක “රන් අස්වැන්න” සහ “ගොවි නවෝදා” ණය යෝජනා ක්‍රම වෙත ද ඉහළ ඉල්ලුමක් ලැබී තිබේ. ඒ අනුව “රන් අස්වැන්න” ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දී ඇති ණය සංඛ්‍යව 17,484කි. “ගොවි නවෝදා” ණය යෝජනා ක්‍රමය යටතේ ද ණය 3,337ක් ලබා දී ඇත.

    නිවාස සිහිනය සැබෑ කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “ජය ඉසුර” ණය යෝජනා ක්‍රමය යටතේ ණය 2258ක් නිකුත් කර තිබේ. පරිසර හිතකාමී සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “රිවි බල සවි” ණය යෝජනා ක්‍රමය යටතේ ද ණය 1339ක් නිකුත් කර ඇත. නව මාධ්‍ය උපකරණ මිල දී ගැනීම සඳහා සහ උපකරණ අලුත්වැඩියා කර ගැනීම සඳහා මාධ්‍යවේදීන් 661 දෙනෙකුට මේ දක්වා “මාධ්‍ය අරුණ” ණය ලබා දී තිබේ. 

    එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය ආරම්භ වූයේ 2018 වසරේ ජූනි මස 21 වැනි දා ය. උතුරු නැගෙනහිර ඇතුළුව දිවයිනේ සියලු ප්‍රදේශවල රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුළු විවෘත කිරීමට පියවර ගත් අතර එම වසර අවසානය වන විට ලබා දී තිබූ ණය සංඛ්‍යාව 39,000ක් පමණ විය. මෙම ණයවල පොලිය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් රජය මගින් අදාළ බැංකු වෙත ගෙවීම සඳහා රුපියල් මිලියන 5250ක මුදලක් වැය කර තිබේ.

     

    එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය වඩාත් පුළුල් කරමින් 2019 අයවැය මගින් නව ණය යෝජනා ක්‍රම රැසක් හඳුන්වා දී ඇත. මේ අතරින් විදේශ සේවයේ නියුක්තිකයන්ට නිවසක් සාදා ගැනීම සඳහා වන “සිහින මාලිගා” ණය යෝජනා ක්‍රමය, නව විවාහක යුවල වෙනුවෙන් ක්‍රියාත්මක “හෝම් ස්වීට්” හෝම් ණය යෝජනා ක්‍රමය සහ උසස් පෙළ විභාගය සමත් වූවන් වෙනුවෙන් උසස් අධ්‍යාපනය පාඨමාලා හැදෑරීම සඳහා වන “මගේ අනාගතය” ණය යෝජනා ක්‍රමය සුවිශේෂී වේ. මේ වසරේ ණයලාභීන්ගේ පොලී ගෙවීම සඳහා පමණක් අයවැය මගින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 6100කි.

    එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය තව දුරටත් ජනතාව අතරට රැගෙන යාමේ අරමුණෙන් ක්‍රියාත්මක “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ඔබේ ගමට” ජංගම සේවය පසුගිය දා වැලිගමින් ආරම්භ කෙරිණි. 7000කට අධික නව ව්‍යවාසායකත්ව අපේක්ෂා සහිත ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැති සමාරම්භක වැඩසටහනේ දී පමණක් ණය ගැනීම සඳහා එහි ස්ථාපිත රාජ්‍ය බැංකු ශාඛාවෙතින් පුද්ගලයන් 1327 ලියාපදිංචිය ලබා ගෙන ඇත. ජංගම සේවය දිවයන පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya