අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යොවුන් පුර වාසීන්ට නවෝත්පාදන හා ව්‍යවසාය කලාපයක්

    මාර්තු 31, 2019
    තරුණ සංවර්ධනය හා නවෝත්පාදනය සදහා වැඩසටහන් විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කර තිබේ. කදවුරු වැසියන්ගේ රැකියා ව්‍යවසාය වැඩිදියුණු කිරීමටත් තිරසර සංවර්ධන වැඩපිලිවෙල සදහාත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ මෙම ක්‍රියාවලිය සිදු කරනු ලබයි.
     
     යොවුන් පුරයේ නවෝත්පාදකයන් බිහිකිරීම වෙනුවෙන් ජාතික තරුණ සමාජ නවෝත්පාදන වැඩසටහන හා තරුණ තාක්ෂණික ව්‍යවසාය ආදී වශයෙන් ක්‍රියාකාරකම් හා සැසිවාර රැසක් පැවැත්වූ බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයෙක් පැවසුවේය.
     
    මෙහි අරමුණ වන්නේ නවෝත්පාදන ව්‍යවසාය සම්බන්ධ කරගත් පුළුල් තරුණ සංවර්ධනයක් ඇති කිරීම සදහා  තාරුණ්‍යයට අවශ්‍ය සහාය ලබා දීම බවත් එම නියෝජිත මහතා තව දුරටත්  පැවසුවේය.
     
    මෙම වැඩසටහන මගින් නවෝත්පාදකයන් 1500ට අධික ප්‍රමාණයක කදවුරු වැසියන් ආවරණය කිරීම මෙහි අරමුණයි.
     
    මීට අමතරව දරුවන්ගේ වැඩ ලෝකය පිලිබඳ දැනුවත් කිරීම සදහා හා රැකියා ඉලක්ක ඇති කිරීම සදහාත් ජාතික තරුණ සේවා සභාව මගින් වැඩසටහන ක් සංවිධානය කර ඇත. මේ සදහා රැකී රක්ෂා මිනිස් බල දෙපාර්තමේන්තු ආයතනය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, යූ ලීඩ් රාජ්‍ය නොවන සමාගම මෙම කටයුත්ත මෙහෙයවනු ලබන බව ජාතික තරුණ සේවා සභාවේ වෘත්තීය මාර්ගෝපදේශ නිලදාරී නිශාන්ත නාරායන මහතා පැවසුවේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya