මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    වස විසෙන් තොර වගාවක් සඳහා ගාල්ලේ වැඩි ඉඩක්

    ඔක්තෝබර් 08, 2018

    වස විසෙන් තොර වගාවක් සඳහා ගොවියන් යොමු කරමින් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා ගාල්ල දිස්ත්‍රික්කය තුළ කාබනික ගොවිතැන දිරි ගැන්වීම සඳහා විශේෂ ව්‍යාපෘති රැසක් මේ වන විට ග්‍රාමිය මට්ටමින් ක්‍රියාත්මකය.

     

    කාබනික එළවළු වගා සංවර්ධනය යටතේ නොමිලේ රෝපණ ද්‍රව්‍ය ලබා දීම සිදු කෙරේ. තුඹ පැළ ඒකකක වගා සංවර්ධනය, තිබිබටු පැළ ඒකක වගා සංවර්ධනය, කුඹුරු ආශ්‍රිත දේශිය එළවළු ඒකක සංවර්ධනය , වැසි ආවරණ ගෘහ තුළ උඩරට එළවළු වගා දිරි ගැන්වීම සඳහා බීජ හා වගා බඳුන් ලබා දීම මේ යටතේ සිදු කෙරේ .මෙහිදී එක් ඒකකයකට වගා බඳුන් 200 බැඟින් ගෘහ ඒකක 18ක් සඳහා වගා මළු ලබා දීම සිදු වේ. පසුගියදා පැවති දිස්ත්‍රික් කාෂි කර්ම කමිටුවේදි මෙම වැඩ පිලිවෙල ඉදිරිපත් කෙරිනි.

     


    එමෙන්ම කාබනික වී වගා සංවර්ධනය යටතේ දේශිය බිත්තර වී නොමිලේ ලබා දිම සිදු කෙරෙන අතර හෙක් 38ක වාර්ෂික ඉලක්කයක් සම්පූර්ණ කිරීම මෙහි මුඛ්‍ය බලාපොරොත්තුවයි. නව දියුණු බිත්තර වී නොමිලේ ගොවියන් වෙත ලබා දීම මගින් ගුණාත්මක වගාවක් අපේක්ෂා කෙරෙන අතර බිම් සැකසීම සඳහා හෙක්ටයාර 75කට ගෙවීම් සිදු කරමින් වගාවන් දිරි ගැන්වීමට ද අපේක්ෂා කෙරේ.


    එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට නව තාක්ෂණය හඳුන්වා දෙමින් වැඩි අස්වැන්නක් තුළින් කෘෂි ව්‍යවසායකයන් බිහි කිරීම අරමුණු කර ගනිමින් ව්‍යාපෘති කිහිපයක් ඔස්සේ ගොවි ජනතාවට අවශ්‍ය යන්ත්‍ර සහ උපකරණ ලබා දිම ද සිදු කෙරෙන බව ගාල්ල නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය පෙන්වා දෙයි.


    නව තාක්ෂණය හඳුන්වා දීමේ අරමුණින් රොටවේටර් යන්ත්‍ර රජයේ වියදමින් ලබා දේ. එයට අමතරව රජයේ 50% දායකත්වය යටතේ තණකොළ කපන යන්ත්‍ර 470ක් සහ බිත්තර වී හුළංකරණ යන්ත්‍ර 10ක්ද ලබා දිම සිදු විය.

     

    පළතුරු ගස් කප්පාදු උපකරණ ලබා දීමටද රජය මගින් 50%ක දායකත්වයක් දරන අතර කප්පාදු කියත් , ලොපර්ස් , සෙකටියර් , කප්පාදු කෙකි ද ලබා දෙන අතර මෙමගින් අපෙක්ෂා කරනු ලබන්නේ වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක භාවයකින් යුත් පළතුරු වෙලඳ පොලක් ග්‍රාමිය මට්ටමින් හදුන්වා දිමයි. ග්‍රාමිට මට්ටමේ සිටින සුළු ව්‍යාපාරික ප්‍රජාව ජාතික වෙළඳපොලට හදුන්වා දිම මෙම වැඩපිලිවෙලේ දිගුකාලින ඉලක්කයි.

    DMU/Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya