මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “දරුවන් අපේ, ජන පවුර” ජාතික වැඩසටහන සමාරම්භක උත්සවය කුරුණෑගල දී....

    අගෝස්තු 29, 2018

    “දරුවන් අපේ, ජන පවුර” ජාතික වැඩසටහන කුරුණෑගල නගර ශාලාවේ දී කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න මහතාගේ මුලිකත්වයෙන්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති,හා ළමා රක්ෂාවට සම්බන්ධ පළාත් හා දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනට සමගාමීව “දරුවන් අපේ, ජන පවුර” වැඩසටහන ක්‍රියාත්මකය. ග්‍රාමීය ප්‍රාදේශීය,දිස්ත්‍රික් හා ජාතික වශයෙන් අදියර කිහිපයකින් සමන්විත මෙහි වැඩසටහනෙහි පළමු අදියර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30 තුළ අද දින වැඩසටහන් 30ක් ලෙස ග්‍රාම නිලධාරි වසම් 1610ක් අවරණය වන පරිදි ආරම්භ විය. එක් ග්‍රාම නිලධාරී වසමක් නියෝජනය කරමින් මරණාධාර සමිති, යෞවන සමාජ සාමාජිකයින්, කාන්තා සමිති නියෝජිතයන්, සමථ මණ්ඩල සාමාජිකයින්, දහම් පාලසල් හා පාසල් සංවර්ධන සමිති නියෝජනය කරමින් එක් සාමාජිකයකු බැගින් හා ස්වේච්ඡා සාමාජිකයින් 5කු මෙම වැඩසටහනට සහභාගී විය. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්වේච්ඡා නිළධාරීන් 8050 කු ළමා ආරක්ෂාව සම්බන්ධව මෙම පුහුණු වැඩසටහන හා සම්බන්ධ විය.

    මෙහිදී ළමයා යනු කවුද? නීතිමය පසුබිම කෙසේද, ළමා අයිතිවාසිකම් මොනවාද යන කරුණු පිළිබද ස්වේච්ඡා නිලධාරීන් දැනුවත් කිරිම සිදු ක‍ළේය.

    මෙම අවස්ථාවට ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම්. අබේරත්න මහතා , කාන්තා කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන හා මූල්‍ය) සුසීමා විජේසේකර මහත්මිය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් ළමා ආරක්ෂක අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මෙත්තානන්ද මහතා, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ලේකම් හා ළමා ආරක්ෂක අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (වැ.බ) තොරතුරු හා මාධ්‍ය ප්‍රසන්න දිසානායක මහතා අතුලු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.

    DMU/Kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya