මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමශක්ති ජාතික වැඩසටහනෙන් කෑගල්ලට රු.මිලියන 33 ක්

    අගෝස්තු 24, 2018

    ග්‍රාමශක්ති ජාතික වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයට මේ වන විට රු.මිලියන 33ක මුදල් ප්‍රතිපාදන හිමිවී ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.

    ඒ අනුව ග්‍රාමශක්ති වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික්කයේ වසම් 33 ක් තෝරාගෙන ඇති අතර ඉන් වසම් 11 ක් නිෂ්පාදන වසම් ලෙස ක්‍රියාත්මක කරන අතර අනෙක් වසම් 22 ප්‍රජා පාලිත වසම් ලෙස ක්‍රියාත්මක කෙරේ.

    එක් වසමකට රු.මිලියනයක් බැගින් මෙම වසම් 33 සඳහා රු.මි. 33 ක් හිමිව ඇත. එමෙන්ම ග්‍රාමශක්ති ජනතා සමිති ලියාපදිංචිය සඳහා අවශ්‍ය සියළුම කටයුතු මේ වන විටත් අවසන් කර තිබේ.

    ග්‍රාමශක්ති ජාතික වැඩසටහනට සමගාමීව කෑගල්ල, ගලිගමුව නගරය කේන්ද්‍රෙකාට ගනිමින් හිමි වූ නොනිදන වෙළෙඳ නගරය සඳහා ඉඩම් මැනුම් කටයුතු පසුගිය දා සිදුකළ අතර එම කටයුතු විධිමත් කොට දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය ද සම්බන්ධ කොටගනිමින් ඉඳිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කරන බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     පසුගිය දා ග්‍රාමශක්ති වැඩසටහනේ සබරගමු පළාත් මෙහෙයුම් කමිටුවට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම නොනිදන වෙළඳ නගර ව්‍යාපෘතිය අනුමත කළ අතර රු.මි 65 ක ඇස්මේන්තුගත මෙම ව්‍යාපෘතියේ පළමු මුදල් වාරිකය ලෙස රු.මි 22 ක මුදලක් දිස්ත්‍රික්කය වෙත ලබා දීමට පියවර ගන්නා මෙන් අදාළ අංශ දැනුවත් කළේය. මෙම යෝජිත ව්‍යාපෘතිය කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ජනපති අනුමැතියට ඉදිරිපත් කොට තිබිණි.

    DMU/Kegalla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya