අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇසළ පෙරහර ශීල්පීන්ට ජනාධිපතිතුමන්ගේ සුරතින් සම්මාන පිරි නැමේ

    අගෝස්තු 24, 2018

    ඇසළ පෙරහරට සහභාගී වන ශිල්පීන්ගේ දක්ෂතා අගයමින් ඔවුන් වෙත ත්‍යාග මුදල් සහ සහතික පිරිනැමීමේ අවස්ථාව අගෝස්තු 26 වැනි දින අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

    26 වැනි දින පැවැත්වෙන දහවල් පෙරහරින් අනතුරුව පැවැත්වෙන මෙම උත්සවයේදී මෙවර ශිල්පීන් 162 ක් වෙනුවෙන් ලක්ෂ 40 කට ආසන්න මුදලක් ලබා දීමට කටයුතු යොදා තිබේ.

    මේ යටතේ අති විශිෂ්ඨ ශිල්පීන් 07 දෙනෙක්, ජේෂ්ඨ ශිල්පීන් 10 ක් සහ විශිෂ්ඨ ශිල්පීන් 50 ක් ත්‍යාග සහ සහතික ලබා ගැනීමට නියමිතය. මීට අමතරව, කුසලතා පූර්ණ ශිල්පීන් 50 ක් සහ දළදා මාලිගා පෙරහරේ ගමන් කරන ශිල්පීන්ගෙන් පමණක් තෝරා ගන්නා ශිල්පීන් 25 දෙනෙක් සදහාද ත්‍යාග සහ සහතික පිරි නැමෙනු ඇත. මෙම ප්‍රධාන ශිල්පීන්ට අමතරව පෙරහරේ ගමන් ගන්නා හොදම කණ්ඩායම් 20 ක් තෝරා ගැනීමටද මෙවර කටයුතු යොදා තිබේ.

    මෙම ත්‍යාග සහ සම්මාන පිරි නැමීම වෙනුවෙන් ජනාධීපති ලේකම් කාර්යාලය, ඇසළ පෙරහර භාරය, සහ ලේක්හවුස් ආයතනය මගින් මූල්‍ය දායකත්වයක් දක්වා ඇත.පසුගිය වසරට වඩා තවත් ලක්ෂ පහක මූල්‍ය ප්‍රතිපාදන මෙවර ත්‍යාග සදහා වෙන් කර
    තිබීමද විශේෂත්වයකි.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya