මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉවතලන පොල් ලෙලි හා පොල් වතුරටත් වටිනාකමක්

    ජූලි 21, 2014

    ඉවතලන පොල් ලෙලිවලටත් වැඩි වටිනාකමක් හිමිකර ගත හැකි වන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති අරුණ ගුණවර්ධන මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    ශ්‍රී ලංකාවේ ප්‍රයෝජනයට ගැනෙන පොල් ලෙලිවලින් 45%ක් වැනි ඉතා සුළු ප්‍රතිශතයක් පමණක් නිෂ්පාදන කර්මාන්තවලට යොමු වුණත්, 90%ක පමණ ප්‍රමාණයක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන නාස්ති වී යන බව එහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේය. එසේ නමුත් 80%ක් වැනි ප්‍රමාණයක් පොල් ත්‍රිකෝණය ආශ්‍රිතව නිෂ්පාදන කර්මාන්තවලට යොමු කෙරේ.

    ඉවත දමන පොල් ලෙලි නැවත නිෂ්පාදනය කරා යොමු කරවීමට පොල් සංවර්ධන මණ්ඩලය මගින් දැවැන්ත ක්‍රියාවලියක් ක්‍රියාවේ යොදාවා ඇති බව පෙන්වා දුන් සභාපතිවරයා පැවසුවේ, මේ සඳහා පොල් ලෙලි ආශ්‍රිතව ස්වයං රැකියාවල නියුතු පුද්ගලයින් දිරිමත් කිරීම සඳහා ඔවුන් වෙත සහන මිලට ස්වයං රැකියා උපකරණ ලබාදීමටද කටයුතු යොදා ඇති බවයි.

    එමෙන් ම කොප්පරා මැහි සහ දිසිඳි පොල් නිෂ්පාදන කර්මාන්ත හරහා විශාල පොල් වතුර ප්‍රමාණයක් අපතේ යන බව හඳුනා ගෙන ඇති බවත්, පොල් වතුර පවා ධනය ඉපැයීමේ මාර්ගයක් වන බැවින්, පොල් වතුර අපනයනය කිරීම වෙනුවෙන් ද පුද්ගලික අංශයේ කර්මාන්ත කිහිපයක් මේ වන විට හඳුනාගෙන ඇති බවත් පැවසූ සභාපතිවරයා තවදුරටත් පැවසුවේ ඒ හරහා ඉදිරියේදී පොල්වතුර වැඩි ප්‍රමාණයක් අපනයනය කිරීමට අපේක්ෂා කරන බවයි. විදේශ වෙළෙඳපොළ තුළ පොල් වතුර ලීටර් එකක් ඩොලර් 2.50වැනි මුදලකට අලෙවි කළ හැකි වන බවද සභාපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya