මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසලෙන් පලතුරු පරිභෝජනය ව්‍යාප්තියට නියමු ව්‍යාපෘතියක්

    ජූලි 19, 2014

    විදෙස් රටවල පලතුරු පරිභෝජනය ප්‍රචලිත කරන්නේ පාසල් තුළින් නිසා මෙරට පාසල් තුළිනුත් පලතුරු පරිභෝජනය ව්‍යාප්ත කිරීමට නියමු ව්‍යාපෘතියක් දියත් කර ඇති බවත් මහනුවර ස්වර්ණමාලී බාලිකා විද්‍යාලයේ පලතුරු අලෙවි කුටියක් විවෘත කරමින් එම ව්‍යාපෘතිය ආරම්භ කළ බවත් හොරණ, කනන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සුභා හීන්කෙන්ද මහතා පැවසීය.


    මේ ව්‍යාපෘතියේදී ඇට හා පොතු ඉවත් කළ ග්‍රෑම් 200ක පලතුරු සහිත පෙට්ටියක් රුපියල් 25.00ක මිලකට පාසල් ළමුන්ට අලෙවි කරනු ලැබීය. මේ පාසල තුළින් නියමු ව්‍යාපෘතිය සාර්ථක වූ නිසා මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන්, මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයෙන්, මාතර සුජාතා හා රාහුල විද්‍යාල, තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලය, කොළඹ රෝයල්, විශාකා, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාල, හෝමාගම මහින්ද රාජපක්ෂ හා හොරණ තක්ෂිලා විද්‍යාලවල ද පලතුරු අලෙවි කුටි  විවෘත කිරීමට ආරාධනා ලැබුණු බව අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.
     
    හොරණ පාසල් 05ක් හා ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 15ක් පසුගියදා පලතුරු අලෙවි කුටි පාසල තුළ ස්ථාපිත කිරීම පිළිබඳ ව සාකච්ඡා පැවැත්වූ බව ද ඔහු කීය. මේ පාසල් සඳහා තෙවන පාසල් වාරයේ පළමු දින සිට පලතුරු අලෙවි කුටි විවෘත කිරීමට අපේක්ෂිත බවත් මේ ව්‍යාපෘතිය නිසා රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් බිහිවන බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
     
    මෙරට පලතුරු ක්ෂේත්‍රය ගෙවතුවලට පමණක් සීමා වී ඇති නිසා කර්මාන්තයක් ලෙස ඉදිරියට නොඑන බවත් ඉතා ඉක්මනින් පලතුරු වෙළෙඳපොළක් ශ්‍රී ලංකාවේ සැකසිය යුතු බවත් ඔහු වැඩිදුරටත් කීය. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya