මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදිසි ආපදා කළමනාකරණ පුහුණු වැඩසටහනක් නුවරඑළියේදී

    ජූලි 18, 2014
    හදිසි ගිනි ගැනීමක් ඇති වූ විට ක්‍රියාත්මක විය යුතු ආකාරය සහ ඊට ප්‍රථමාධාර ලබා දිය යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉදිරි දින කිහිපය තුළ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙහි දී ක්‍රියාත්මක වීමට නියමිත බව නුවරඑළිය දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.


    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් මත නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇත. අදියර 4කින් සමන්විත මෙම පුහුණු වැඩසටහන අවසානයේ ප්‍රායෝගිකව එවැනි හදිසි තත්ත්වයක් ඇති වූ විට ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව නිරීක්ෂණයට ලක් කෙරේ. මෙහි ප්‍රථම අදියර ඊයේ (18) සහකාර දිස්ත්‍රික් ලේකම් විදුර සම්පත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

     

    නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ මුදිත මංජුල මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම අංශ නියෝජනය කරමින් නිලධාරීහු රැසක් මේ සඳහා  සහභාගී වී සිටියහ.

     

    NDH/SH-dmu nuwaraeliya

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya