මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී සංවර්ධන කටයුතු ගැන සාකච්ඡා

    ජූලි 18, 2014
    කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 


    2014 වර්ෂය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන සම්බන්ධව මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කළ අතර දිවි නැඟුම, පුර නැඟුම, එක ගමකට එක වැඩක්, රන් අරුණ වැඩසටහන, පාසල් සංවර්ධන කටයුතු සම්බන්ධ ව්‍යාපෘති පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

     

    මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගි වී සිටියහ. 

    NDH/WJ-dmu colombo

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya