මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පලතුරු ප්‍රවර්ධන සතියට සමගාමීව සම්මන්ත්‍රණ මාලාවක්

    ජූලි 19, 2014
    මේ දිනවල පැවැත්වෙන පලතුරු ප්‍රවර්ධන සතියට සමගාමීව හොරණ කනන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය මඟින් සම්මන්ත්‍රණ මාලාවක් දියත් කර ඇත.


    ඒ අනුව අද (19) පෙරවරු 10.00ට "පලතුරුවල පෝෂණය හා ඖෂධීය වටිනාකම" මැයෙන් විශේෂ දේශනයක් හොරණ රජයේ රෝහල් අධ්‍යක්ෂවරයා විසින් සිදුකරන අතර පෙරවරු 11.00ට "පලතුරු වගාවේ භාවිතයට ගන්නා යන්ත්‍ර සූත්‍ර හා උපකරණ භාවිතය" මැයෙන් දේශනයක් පේරාදෙණිය ප්‍රධාන ඉංජිනේරු එම්.එච්.එම්.ඒ. බණ්ඩාර මහතා විසින් පවත්වනු ලබයි.

     

    "විද්‍යාත්මකව පලතුරු ශාක පුහුණු කිරීම" මැයෙන් හෙට (20) පෙරවරු 10.00ට පවත්වනු ලබන දේශනය සිදු කරන්නේ හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සුභා හීන්කෙන්ද මහතා විසිනි. මෙහි දෙවන දේශනය පෙරවරු 11.00ට "පලතුරු ආශ්‍රිත රෝග පළිබෝධ හා පාලනය" යන මාතෘකාවෙන් උද්‍යාන විද්‍යා පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ඩබ්.ඒ.ආර්.ටී. වික්‍රමාරච්චි මහතා විසින් පවත්වනු ලබයි.

     

    අනිද්දා (21) පෙරවරු 10.00ට පැවැත්වෙන දේශනය "පලතුරු ඇසුරුම්කරණය, ඉදිරිපත් කිරීම හා වෙළෙඳපොළ" මාතෘකාව යටතේ හා "පලතුරුවල මල් උත්තේජනය" පිළිබඳ චේශනය පර්යේෂණ නිලධාරී ඩබ්.ඩී. ලෙස්ලි මහතා විසින් එදින පෙරවරු 11.00ට පැවැත්වීමට නියමිතය.

     

    මේ සියලු දේශන හොරණ, කනන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේදී පැවැත්වේ.

     

     NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya