මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිනුවන්ගොඩ සහ දොම්පෙ මැතිවරණ කොට්ඨාසවලට තවත් ළමා හා මාතෘ සායන තුනක්

    ජූලි 18, 2014

    මිනුවන්ගොඩ ආසනයට අයත් දෙවොපොළ සහ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ළමා හා මාතෘ සායන ද, දොම්පේ ආසනයට අයත් මීතිරිගල ළමා හා මාතෘ සායනය ද, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) විවෘත කර ජනතා අයිතියට පත්කරන කරන ලදී.

     

    ගම්පහ දිස්ත‍්‍රික්කයේ සංවර්ධන ක‍්‍රියාවලිය ගමින් ගමට ගෙන යමින් යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සහ ජීවනෝපාය සංවර්ධන කටයුතුවලට සමගාමීව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ප‍්‍රතිපාදන යටතේ මෙම ළමා හා මාතෘ සායන මධ්‍යස්ථාන ඉදිකිරීම සිදු කරයි.

     

    මෙහි ප‍්‍රථම අදියර යටතේ එක් මැතිවරණ කොට්ඨාසයකට ළමා හා මාතෘ සායන මධ්‍යස්ථාන පහක් බැගින් ඉදිකිරීම හෝ නවිකරණය කිරීම ආරම්භ කරන ලදී.

     

    ඒ අනුව ගම්පහ දිස්ත‍්‍රික්කය තුළ පිහිටි මැතිවරණ කොට්ඨාස 13 තුළ පළමු අදියර යටතේ ළමා හා සායන මධ්‍යස්ථාන 54ක් ඉදිකර ජනතා අයිතියට පත්කර ඇත.

     

    DB

     

    01-4

     

     

    01-7

     

    01-9

     

    01-11

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya