මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාගම්පුර වරායෙන් සුවිසල් නෞකාවකට ඉන්ධන ටොන් 1400ක්

    ජූලි 16, 2014
    හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායේ තෙල් පර්යන්තයෙන් තෙල් ලබාගැනීම සඳහා මෙතෙක් වරායට පැමිණි දිගම නෞකාව ඊයේ (15) මාගම්පුර වරායට ළඟා විය. 

    මීටර් 300කින් දිග මීටර් 19ක් ගැඹුර මෙම නෞකාව (EURYDICE D) I.F.380 ඉන්ධන මෙට්රික් ටොන් 1400ක් ලබාගැනීම සිදු කෙරිණි.

     

    වරායෙන් ඉන්ධන නෞකාවලට තෙල් සැපයීම ආරම්භ කළ දිනයේ සිට මෙතෙක් නෞකා 07කට ඉන්ධන ලබාදීම සිදු කර තිබෙන බව වරාය අධිකාරිය පවසයි. 

     

    ජූනි 22 ආරම්භක Opel Colombo නෞකාව I.F. 380 ඉන්ධන ටොන් 100ක් ද, ජූලි 02 දින වරායට පැමිණි New Castel Max නෞකාවට I.F. 380 ඉන්ධන ටොන් 1000ක්ද, ජූලි 05 දින Antonias නෞකාව I.F.380 ඉන්ධන ටොන් 900ක්ද, ජූලි 08 දින Mohar නෞකාවට ඉන්ධන ටොන් 30ක් ද, ජූලි 12 දින ඉන්ධන ටොන් 80ක්ද, එදිනම JBU FORTH නෞකාවට I.F. 380 ඉන්ධන ටොන් 100ක්ද, ජූලි 15 දින පැමිණි  Eurydice D නෞකාවට ඉන්ධන ටොන් 1400ක්ද ලබාදීම සිදු කර තිබෙන බව වරාය අධිකාරිය වැඩිදුරටත් පවසයි. 

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya