අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ ස්වෙච්ඡා හා කොන්ත්‍රාත් ගුරුවරුන්ට ස්ථීර පත්වීම්

    පෙබරවාරි 05, 2018

    උතුරු පළාතේ ස්වෙච්ඡා හා කොන්ත්‍රාත් ගුරුවරුන්ට ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ලබන පෙබරවාරි 15 වෙනිදා  අරලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකා ගුරු සේවයේ 3,2 ශ්‍රේණියට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතය.

    මෙහිදී විශේෂයෙන්ම උතුරු පළාතේ  2009 නිමාවූ යුද්ධයට පෙර වසර 10 කට අසන්න කාලයක්  ස්වෙච්ඡාවෙන් සේවය කළ ගුරුවරුන් 182 කට හා ඒ හා සමාන දීර්ඝ කාලයක් කොන්ත්‍රාත් පදනම මත සේවය කළ ගුරුවරුන් 142 දෙනෙකුට මෙම පත්වීම් ප්‍රදානය කිරීම සිදු වේ.

     

    උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ බලවත් මැදිහත් වීම මත අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණ ලබාගෙන ඇති අතර ඒ සඳහා උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාද එක්ව මෙම කාර්යය සිදු කිරීමට කටයුතු කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya