එහි දී අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම සාහිත්‍ය කෘති වෙනුවෙන් සම්මාන පිරි නමන එකම සම්මාන උළෙල මෙය බවයි.
ජාතීන් අතර සමගිය ගොඩනැංවීම සඳහා එය අත්‍යාවශ්‍ය කරුණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ 70 වෙනි නිදහස් සමරුව අබියස සිටින මේ මොහොත සැබෑ සංහිඳියාව, සාමය, ස්ථාවරභාවය සහ සමෘද්ධිය රටට අත්‍යාවශ්‍ය බවයි.