සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආගමික මධ්‍යස්ථාන හා විහාරස්ථාන සංවර්ධන ව්‍යාපෘති පනහක් නිමයි

    ජනවාරි 20, 2018

    ගාල්ල දිස්ත්‍රික්කයේ ආගමික මධ්‍යස්ථාන හා දුෂ්කර විහාරස්ථාන සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති 71න් ව්‍යාපෘති 50ක සංවර්ධන කටයුතු නිම වී ඇත.

    ගාල්ල දිස්ත්‍රික්කයේ ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය. දුෂ්කර විහාරස්ථාන සංවර්ධනය , පුණ්‍ය ග්‍රාම වැඩසටහන , ඌන සංවර්ධිත දහම් පාසල්සං වර්ධනය සඳහා බෞද්ධ කටයුතු අමාත්‍යංශය සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය මගින් පසුගිය වසරේ රු මි 20.92ක් වෙන් කර ඇත.

    එම වැඩසටහන යටතේ ව්‍යාපෘති 71 සඳහා මෙම මුදල් වෙන් කර තිබේ. ව්‍යාපෘති 50ක සංවර්ධන කටයුතු නිම වී තිබෙන අතර මුල්‍ය ප්‍රගතිය රු මි 9.69 කි.

    ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19ක් තුළ බුද්ධ ශාසන අමාත්‍යංශය මගින් ව්‍යාපෘති 42ක්ද , ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය මගින් ව්‍යාපෘති 29ක්ද අනුමත කර 2017 වසරේ තිබෙන අතර දුෂ්කර විහාරස්ථාන වැඩිදියුණු කිරීම යටතේ අක්මීමණ, අම්බලන්ගොඩ, ඉමදුව, කරන්දෙණිය, තවලම,නාගොඩ, බලපිටිය සහ හික්කඩුව ප්‍ර දේශීය ලේකම්කො ට්ඨාසවල සංවර්ධනය නොවූ පූජනීය ස්ථාන සඳහා සංවර්ධන වැඩපිළිවෙල සඳහා රු.මි 2.0 ක මුදලක් වෙන් කර තිබිණ..

    ඌන සංවර්ධිත දහම් පාසල් සඳහා බුද්ධ ශාසන අමාත්‍යංශය මගින් රු.මි 4.2ක ප්‍රතිපාදන මගින් ව්‍යාපෘති 16ක වැඩ මේ වන විට අවසන් කර ඇත.ඒ මගින් දහම් පාසල් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය අපේක්ෂා කෙරේ. ආගමික පුනර්ජීවනයක් තුළින් සදාචාරවත් සමාජයක් බිහි කිරිමට දායක වීම උදෙසා දහම් අධ්‍යාපනය නංවාලීමට රජය මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනු ලැබුණු බව දිස්ත්‍රික් සැලසුම් අංශය පෙන්වා දෙයි.

    DMU/Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya