සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල වේලි රැසක් ප්‍රතිසංස්කරණයට

    ජනවාරි 20, 2018

    ගාල්ල දිස්ත්‍රික්කයේ වාරි ව්‍යාපෘති රැසක් රජය විසින් සංවර්ධනය කර ඇත. 

    ගාල්ල දිස්ත්‍රික්කයේ වාරිමාර්ග සංවර්ධන කටයුතු සඳහා වාරිමාර්ග අමාත්‍යංශය මගින් රු මි 16.70ක මුදලක් පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ ව්‍යාපෘති 27ක් සඳහා 2017වසර සඳහා වෙන් කර තිබිණ. ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස 14ක් තුළ එම ව්‍යාපෘති ක්‍රියාත්මක විය.

    ඒ යටතේ ප්‍රමුඛතාවයන් අනුව අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයේ පින්නදුව බඳුන්ගොඩ හීන් ඇළ ප්‍රතිසංස්කරණය, බඹරගොඩ වාරිමාර්ග ප්‍රතිසංස්කරණය සිදුවිය . යක්කල මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ
    ව්‍යාපෘති 03ක් ක්‍රියාත්මක වු අතර උඩුමුල්ලගොඩ ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය,බදුල්පෙ ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය ද, එම ව්‍යාපෘති අතර වේ.

    බද්දෙගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළද ව්‍යාපෘති 02ක් ක්‍රියාත්මක කෙරුණු අතර ගනේගම උතුර බඹරවාන අද්දර වෙල්යාය ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය හීන්දෙණිය පිටවාන ඇළ ප්‍රතිසංස්කරණය මේ යටතේ සිදු විය. තවද ඉමදු ව ප්‍රාදේශිය ලේකම් කොට්ටාසයේ ව්‍යාපෘති 02ක් ද නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති 03ක්ද , බලපිටිය කොට්ඨාසයේ එක් ව්‍යාපෘතියක්ද වැලිවිටිය දිවිතුර ව්‍යාපෘති එකක්ද මේ යටතේ සියළු වැඩ අවසන්
    කර තිබේ.

    ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ඉල්ලිම් සලකා බැලිමේ ප්‍රතිපලයක් ලෙස මෙම ව්‍යපෘති හදුනාගෙන ක්‍රියාත්මක විය. හබරාදුව ප්‍රා දේශිය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති 03ක්ද .තවලම කොට්ඨාසයේ එක ව්‍යාපෘතියක්ද බෝපෙ පෝද්දල එක් ව්‍යාපෘතියක්ද ඇල්පිටිය දාජ්ජවිල අමුණ සැකසීමද මේ යටතේ සිදු වුවකි. ගෝනපීනුවල ව්‍යාපෘති 02ක් මේ මේ වන විට වැඩ අවසන් කර ඇති අතර හික්කඩුව කොට්ඨාසයේ රත්ගම ඇළ හා අතුරු ඇළවල් අළුත්වැඩියා කීරීමද මේ යටතේ සිදුවිය.

    ගාල්ල දිස්ත්‍රික්කයේ උපමාන පාදක සංවර්ධන ව්‍යාපෘති යටතේද වාරිමාරග සංවර්ධන ව්‍යාපෘති 29ක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක් තුළ රු මි 16.86ක ප්‍රතිපාදන යටතේ ඉහත වැඩසටහන් ක්‍රියාත්මක කෙරැණු බව කෘෂි කමිටුවේ දි අණවරණය විය.

    DMU/Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya