සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව දෙමුහුන් මල් වර්ග 15 ක්

    ජනවාරි 19, 2018
    නව දෙමුහුන් මල් වර්ග 15ක් 2018 වර්ෂයේදී හඳුන්වා දීමට කටයුතු කරන බවත් එම මල් වර්ග මේ වන විට පේරාදෙනියේ ජාතික උද්භිද උද්‍යානයේදී සාර්ථකව අත්හදා බලා තිබෙන බවත් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි.
     
    ඇන්තුරියම් වර්ග 10 ක්, ඕකිඩ් වර්ග 03ක් සහ කිරීටා වර්ග 02 ක් මෙම දෙමුහුන් මල් වර්ග 15ට අයත් වේ.
     
    මෙම නව දෙමුහුන් මල් ප්‍රභේදවල පැළ උද්භිද උද්‍යානවලින් ඉදිරියේදී ලබාගත හැකි බවද සුමේධා ජී. ජයසේන  නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
     
    විවිධ වර්ණ සහ හැඩ තුළින් මෙම නව මල් ප්‍රභේද වර්ග අලංකාරයකින් යුක්ත නිසා මෙම මල් වර්ගවලටද ඉහළ ඉල්ලුමක් ලැබෙනු ඇතැයිද අපේක්ෂා කෙරේ. 
     
    මෙම කරුණු අනාවරණය වූයේ තිරසර සංව්රධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පසුගියදා පේරාදෙනිය රාජකීය උද්භිද උද්‍යානය නිරීක්ෂණයට ලක්කරන ලද අවස්ථාවේදීය.
     
    පේරාදෙනිය උද්භිද උද්‍යානයේ ශාක සංරක්ෂණාගාරයේ අභ්‍යන්තර සැලසුම් නිර්මාණ කටයුතු සහ පැළැටි ස්ථාපිත කෙරෙමින් පවතී. එය නුදුරේදීම මහජනතාවට විවෘත කිරීමට බලාපොරොත්තු වේ. උද්‍යානයේ පහසුකම් නැංවීම සඳහා ප්‍රධාන මාර්ගය කාපට් ඇතිරීම, මාර්ග පද්ධති ජලාපවාහන පද්ධති වැඩිදියුණුව හා ගොඩනැගිලි අලුත්වැඩියාව කිරීම සිදුකරමින් පවතී. අපද්‍රව්‍ය කළමනාකරනය සඳහාඅවශ්‍ය යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමද විශේෂිතය. උද්‍යානයේ සජීවී ශාක එකතුවට නව ශාක විශේෂ එක් කරමින් ශාක සංරක්ෂණ කටයුතු සිදුකෙරේ. 
     
    2017 වර්ෂයේදී පමණක් පේරාදෙනිය උද්භිද උද්‍යානයේ පැළ 109,340ක් නිපදවීමට ද පියවර ගෙන තිබේ. මෙයට අමතරව උද්‍යානයේ ශාඛ එකතුවට අදාළ ශාඛ නාම පුවරු සවි කිරීම හා විශේෂ ශාක පිළිබඳ විස්තරාත්මක පුවරු ද සිහිවටන ශාක එකතුවේ ශාක නාම පුවරු ස්ථාපිත කිරීම ද සිදුකර තිබේ. නරඹන්නන් සඳහා තොරතුරු ඇතුළත් පත්‍රිකා හා එසේම පුවරු සකස් කරමින් පවතී. උද්‍යානය තුළ සංචාරය සඳහා මගපෙන්වීමේ වැඩසටහන් රැසක්ද ක්‍රියාවට නංවා ඇත.
     
    මීට අමතරව පේරාදෙනිය රාජකීය උද්භිද උද්‍යානය ඇතුළු හග්ගල උද්භිද උද්‍යානය, අවිස්සාවේල්ල සීතාවක තෙත්කලාපීය උද්භිද උද්‍යානය, ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය සහ හම්බන්තොට මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානය යන ස්ථානවලද කටයුතු සාර්ථකව කරගෙනයාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරිය විසින් මෙහිදී උපදෙස් දෙන ලදී.
     
    මෙම නිරීක්ෂණ අවස්ථාවට ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් යාපා නානායක්කාර, අධ්‍යක්ෂ ( පර්යේෂණ හාතාක්ෂණ) ශෙලෝමි ක්‍රිෂ්ණරාජා, පෙරාදෙනිය උද්භිද උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය අචලා අත්තනායක යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ. 
     
     
    - DB -

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya