සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගෙන බිම් කොටස් ලක්ෂ 36ක් මනින්න යයි

    ජනවාරි 16, 2018

    මහජනතාව සතු ඉඩම් නිරවුල් කොට ඒවායේ අයිතිය ඔවුන්ට තහවුරු කරදිම සඳහා ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ගයන්ත කරුණාතිලක මහතා විසින් අරඹා ඇති වැඩ පිළිවෙල යටතේ බිම් කොටස් ලක්ෂ 36ක මැණුම් කටයුතු මේ වසර තුළ අවසන් කිරිමට රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

     

    මේ සඳහා ඇමරිකානු සමාගමක තාක්ෂණය සහ රජයේ හා පෞද්ගලික අංශයේ මිනින්දෝරුවන්ගේ සහාය ද ලබාගෙන ඇතැයි මැණුම්පති පී.එම්.පී. උදයකාන්ත මහතා පවසයි.

     

    නවීනතම මැණුම් උපකරණ සහ චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන මෙම මැණුම් කටයුතු සිදු කෙරේ.  ඒ සඳහා GPS තාක්ෂණ කුළුණු 41ක් රටපුරා ඉදිකෙරෙන අතර ඉන් කුළුණු 6ක් කොළඹ, කළුතර, රත්නපුර, කෑගල්ල, කටාන සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශවල මේ වනවිටත් පිහිටුවා ඇත.

     

    මෙම වැඩ පිළිවෙල යටතේ බස්නාහිර පළාතේ බිම් කොටස් ලක්ෂ 25ක් සහ දිවයිනේ සෙසු පළාත් වල බිම් කොටස් ලක්ෂ 11ක මැණුම් කටයුතු සිදු කිරීමට නියමිතය.  මෙහි නියමු ව්‍යාපෘතිය ලෙස ගාලු දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රදේශයේ මැණුම් කටයුතු පෙබරවාරි මස අග භාගයේ අරඹන බව ද මැණුම්පති උදයකාන්ත මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

     

    මෙම බිම් කොටස් ලක්ෂ 36 මැණුම් කටයුතු මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් පමණක් සිදු කරන්නේ නම් ඒ සඳහා වසර 30කට අධික කාලයක් ගතවන බවත් නව තාක්ෂණය යොදා ගැනීමෙන් වසරක් තුල එය සම්පූර්ණ කළහැකි වනු ඇති බවත් මැණුම්පතිවරයා තව දුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya