අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිරාපත් නොවන පොලිතින් අද සිට තහනම්

    ජනවාරි 01, 2018
    දිරාපත් නොවන ලන්ෂීට් ඇතුළු පොලිතීන් ඇතුලු ඒ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය අද (01) සිට තහනම් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
     
    අද දිනය සිට මෙම පොලිතීන් තහනම ක්‍රියාත්මක වන අතර ඝනත්වයෙන් වැඩි පොලිතීන් අලෙවි කරන වෙළදුන් සොයා වැටලීම් ද සිදු කෙරේ.
     
    එමෙන්ම අද සිට ජාතික, ආගමික, සංස්කෘතික හා දේශපාලන උත්සව ඇතුළු කිසිදු උත්සවයක සැරසිලි කටයුතු සඳහා පොලිතීන් භාවිතය ද තහනම් කොට ඇත.
     
    පසුගිය වසරේ සැත්තැම්බර් 01දා සිට මෙම තහනම පනවා තිබුණු අතර පසුව ඒ සඳහා සහන කාලයක් ලබාදීමට රජය තීරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya