අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා හදවත් රෝගී දරුවන් වෙනුවෙන් පටක බද්ධ බැංකුවක්

    නොවැම්බර් 28, 2017
    බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කරන ලද මානව හදවත් කපාට සහ පටක බද්ධ බැකුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත විය.
     
    “ළමා රෝහලේ පටක බද්ධ බැංකුව ඉදිකිරිම සඳහා රුපියල් මිලියන 100 ක් වැය කර තිබෙනවා. මෙය මානුෂීය ව්‍යාපෘතියක්. මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර රොටරි සමාජය ලබාදෙන සහයෝගය මම අගය කරනවා. කුඩා දරුවන්ගේ ජිවිත රැක බලා ගැනීමට මෙම පටක බද්ධ බැංකුව ඉතාම වැදගත්. දේශපාලන මතය කවරක් වුව ද, එය ඉවතලා දරුවන්ගේ ජිවිත සුරැකීමට වෛද්‍යවරුන් කටයුතු කළ යුතු යැයි ද පැවසීය.
     
    “කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ හෘද ශල්‍යකර්ම ආරම්භ කරන ලද්දේ 2007 වසරේදීයි. නමුත් හදවත් කපාට ගැටලු ව සහිතව උපදින දරුවන් වෙනුවෙන් පටක බද්ධ බැංකුවක් නොමැතිවීම ගැටලුවක් වී තිබුණි. ඒ සඳහා මෙතෙක් භාවිත කරන ලද්දේ කෘත්‍රීම පටක වර්ගයකි. එම කෘත්‍රීම පටකයක් සඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 03 කි. මෙම පටක බැංකුව 2012 වසරේ දී ඉදිකිරිමට බලාපොරොත්තු වුවද ඒ සඳහා ඇස්තමේන්තු ගත මුදල වන රුපියල් මිලියන 30 සොයා ගැනීමට නොහැකි විය. දරුවන් දහස් ගණනකගේ ජිවිත සුරක්ෂිත කර ගැනීම සඳහා පටක බැංකුව ඉදිකිරිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ 2014 වසරේ දීයි" බවත් කීය.
     
    මෙම අවස්ථාවට පුජ්‍ය බදගිරියේ සෝමවංශ නාහිමි, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, ළමා රෝහලේ අධ්‍යක්ෂ ඩබ්. වික්‍රමසිංහ මහත්ම මහත්මීහු ඇතුලු පිරිසක් එක්ව සිටියහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya