අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුර බලපෑම් එල්ල වූ කොටපොල පවුල්වලට නිවාස ආධාර

    නොවැම්බර් 27, 2017

    පසුගියදා ඇතිවූ ගංවතුර සහ නාය යෑම් තත්ත්වය හේතුවෙන් හානියට පත් නිවාස සඳහා ආධාර ලබාදීම මේ වන විට ආරම්භ කර තිබේ.

    ඒ යටතේ දෙනියාය ආසනයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ පූර්ණ හානියට ලක්වූ නිවාස සහ අවදානම් තත්ත්වයට පත්ව ඇති බවට නිවාස 182 ක් හඳුනාගෙන තිබේ.

    අතර එම නිවාස හිමියන් සඳහා ආකාර තුනක් යටතේ ආධාර ලබාදීමට සැලසුම් කර තිබෙන අතර  අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහි ආරම්භක වැඩසටහන පසුගියදා පැවැත්විණි.

    එහිදී පවුල් 04 ක් සඳහා නව නිවාසවල වැඩ ආරම්භ කිරීම සදහා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ චෙක් පත් ප්‍රදානය කිරීම අමාත්‍යවරයා අතින් සිදු විය.

    අවදානම් රහිත වෙනත් ඉඩමක් හිමි ය සනහා එම ඉඩම්වල නිවාස ගොඩනගාගැනීමට මුදල් ආධාර ලබාදීම, පදිංචියට සුදුසු ඉඩමක් නොමැති අය සඳහා නව ඉඩමක් මිලදීගැනීමට රුපියල් ලක්ෂ 04 ක අමතර මුදලක් ලබාදීම, පදිංචියට සුදුසු ඉඩමක් නොමැති සහ මිලදී ගැනිමටද ඉඩමක් නොමැති පුද්ගලයින් සඳහා රජය විසින් පදිංචියට සුදුසු ඉඩමක් ලබාදීම සිදු වේ.

    මෙම අවස්ථා තුනේම පුද්ගලයින් සඳහා නව නිවසක් ඉදිකරගැනීමට රුපියල් ලක්ෂ 12 ක මුදලක් ලබාදෙන අතර එම නිවාසවල මූලික කටයුතු ආරම්භ කිරීම සඳහා මුලින්ම රුපියල් ලක්ෂ 02 ක මුදලක් ලබාදීමට තීරණය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya