මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැදවච්චිය සහ රඹෑව වකුගඩු රෝගී පවුල්වලට වියළි සහනාධාර හා ජල පෙරන

    ජූලි 09, 2014


    මැදවච්චිය සහ රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වකුගඩු රෝගයට ගොදුරු වූ පුද්ගලයන් සිටින පවුල් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙයි.

     

     

    රෝගය වැළඳී දැනට වකුගඩු සායනවලට ගොස් ප්‍රතිකාර ගන්නා රෝගී පවුල් අටසිය පනහකට (850) මෙලෙස වියළි සලාක බෙදාදීම ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා 08වනදා රඹෑව සහ මැදවච්චියේ දී  සිදුකෙරුණ අතර ඒ අනුව මෙම  එක් පවුලකට රුපියල් තුන්දහසක පමණ වියළි සලාක හිමිවිය.


    මීට අමතරව වකුගඩු රෝගීන් සිටින එම පවුල්වලට පිරිසුදු පානීය ජලය ලබාදීමට උසස් ප්‍රමිතියෙන් යුත් ජල පෙරන සහ ජලය එක්රැස් කරගැනීම සඳහා නොමිලේ ජල ටැංකි බෙදාදීමද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් එදින සිදුවිය.

    අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ඉල්ලීමකට අනුව ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රජා ජලමූල සංවිධානවල දායකත්වයෙන් මෙම වියළි සලාක එක්රැස් කරගෙන තිබේ.

    වකුගඩු රෝගී පවුල් සඳහා ලබාදුන් ජල ටැංකි සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව  අනුග්‍රහය දක්වා තිබේ.
     
    මෙම ආධාර බෙදාදීමේ අවස්ථාවට ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද  සහභාගී වූහ.    
                                                                                             

    මෙතෙක් නිශ්චිත හේතුවක් සොයා ගැනීමට නොහැකි වූ අනුරාධපුර දිස්ත්‍රික්කයපුරා දක්නට ලැබෙන කාලික වකුගඩු අකරණ රෝගී තත්ත්වය නිසා මැදවච්චිය, රඹෑව, පදවිය හා කැබිතිගොල්ලෑව ආදී ප්‍රදේශවල ජනතාව දැඩි පීඩනයට පත්ව ඇති බවත්, මේ පිළිබඳව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ කාරුණික අවධානය යොමුවීම නිසා ඔවුන් සඳහා මෙලෙස සහනයක් සැලසීමට හැකි වූ බවත් රඹෑව පල්ලම්කුලම විහාරස්ථානයේ පැවති ජන හමුවේ දී අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.



    තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසුවේ,  අතීතයේ සිට අද දක්වා රටට බත සපයන රජරට ගොවි ජනතාව අද මේ වකුගඩු රෝගය නිසා අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිනවා. රෝගය ඇතිවීමට හේතු සෙවීම සඳහා ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් විවිධ පර්යේෂණ සිදුකෙරෙනවා.
     

    වකුගඩු රෝගය ආණ්ඩුවේ වරදින් සිදුවූවක් බව කියන්න තරම් අද විපක්ෂය බොළඳ තත්ත්වයට පත්වෙලා. වකුගඩු රෝගීන් උද්ඝෝෂණවලට කැඳවා ඔවුන්ගේ කරපිටින් ගොස් ආණ්ඩු පිහිටුවන්න උත්සහ දැරීම තුළින් මේ රටේ විපක්ෂය වැටී ඇති අගාදය පිළිබඳව ජනතාව නිසි අවබෝධයක් ලබාගත්තා.”

    කෙසේ වුව ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිටින වකුගඩු රෝගීන් සඳහා අවශ්‍ය සියලු ම පහසුකම් සැලසීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය  අමාත්‍යාංශය පියවර ගෙන තිබීම සතුටට කරුණක් බව ද අමාත්‍යවරයා මෙහි දී  පැවසීය.               

                                          
    මෙම අවස්ථාවට රඹෑව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya