මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලක්ෂ 450ක වියදමින් කහවත්ත පොළ භූමිය සංවර්ධන කටයුතු ඇරඹේ

    ජූලි 09, 2014
    රජයේ පුර නැගුම වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 450ක වියදමින් කහවත්ත පොළ භූමියේ සංවර්ධන කටයුතු පසුගිය දා ආරම්භ විය. 
     
    දැනට කහවත්ත පොළ භූමිය ඉතා අවිධිමත් හා අක්‍රමවත්ව පවත්වාගෙන යන අතර පාරිභෝගිකයන්ට මෙන්ම වෙළඳ ප්‍රජාවට ද සහන ලබාදීමේ අරමුණින් ඉදිවන නව පොළ භූමිය බහුමහල් ගොඩනැගිලි සහ පොදු ශාලාවකින් ද සමන්විත වේ. 
     
    රජයේ පුර නැගුම වැඩසටහනට සබරගමුව පළාත් සභාව නම් කළ කහවත්ත පොළ භූමිය සංවර්ධනය කිරීම සඳහා දේශීය ණය සංවර්ධන අරමුදල හරහා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය, සබරගමු පළාත් සභා නිර්දේශය මත ලබාදී ඇති මුදල රුපියල් ලක්ෂ 450කි. 
     
    ඉදිකිරීම් සමාරම්භක අවස්ථාවට සහභාගී වූ මහ ඇමති මහීපාල හේරත් මහතා සඳහන් කළේ මෙම පොළ භූමියට අමතරව කහවත්ත නගරයේ පොදු වෙළඳ සැළේ ද ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතින බවය. 
     
    එම ව්‍යාපෘතියට සබරගමු පළාත් සභාව තවත් රුපියල් ලක්ෂ 450ක් ලබාදී ඇතැයි කී මහ ඇමතිවරයා වසරක් තුළ කහවත්ත නගරයේ පොදු සංවර්ධන කටයුතු සඳහා රජයත්, පළාත් සභාවත් එම වෙළඳ සංකීර්ණ දෙක සඳහා රුපියල් ලක්ෂ 900ක් වැනි දැවැන්ත මුදලක් ලබාදී ඇතැයි ද කීය.
     
    මීට අමතරව නිවිතිගල මැතිවරණ කොට්ඨාසයේ අනෙක් ප්‍රධාන නගරය වූ නිවිතිගල නව බස් නැවතුමක් ඉදිකිරීම සඳහා ද සබරගමු පළාත් සභා ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බව කී මහ ඇමතිවරයා මැණික් නිසා ලෝ පසිදු වුවද කලඑළියක් නොමැතිව තිබු කහවත්ත හා නිවිතිගල වැනි පසුගාමී නගර ඉතා කෙටි කලක් තුළ පොදු පහසුකමින් අනූන නගර බවට පත්කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය අනුව තම පළාත් සභාව කටයුතු කරන බවද කීය.
     
    මෙම අවස්ථාවට විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, පළාත් සභා මන්ත්‍රීවරුන් වන රම්‍ය කුමාර වීරසිංහ, නිලන්ත ජයකොඩි, කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති වජිර දර්ශන ද සිල්වා යන මහත්වරු ද සහභාගී වූහ.
     
    DB
     
    kahawatta Pola 2 2
     
     
    kahawatta Pola 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya