මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා අවම කරමින් දිවුලන්කඩවල මංසන්ධියේ සංවර්ධන කටයුතු ඇරඹෙයි

    ජූලි 09, 2014

    ආපදා අවම කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යටතේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිවුලන්කඩවල මංසන්ධියේ කාණු පද්ධතිය කොන්ක්‍රීට් කිරීමේ ව්‍යාපෘතිය පසුගියදා ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් දිවුලන්කඩවල දී ආරම්භ කෙරිණි.

    ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදු කරන මේ ව්‍යාපෘතියේ මෙහෙයවීම් සිදු කරන්නේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟිනි.

    පළාත් සභා මන්ත්‍රී සම්පත් ශ්‍රී නිලන්ත, මැදිරිගිරිය ප්‍රාදේශීය සභා සභාපති ආනන්ද ශ්‍රී ධර්මසේන හා ප්‍රාදේශීය සභා මන්ත්‍රී චාමින්ද ප්‍රීති කුමාර යන මහත්වරු මේ අවස්ථාවට සහභාගි වූහ.

    NDH/WK-dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya