අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ලට අදත් ඇඳිරිනීතිය

    නොවැම්බර් 18, 2017
    ගාල්ල පොලිස් වසමේ පසුගිය දින ඇති වූ සිද්ධිය හේතුකොට ගෙන අද (18) පස්වරු 6.00 සිට හෙට (19) උදෑසන 6.00 දක්වා පැය 12ක කාලයක් ග්‍රාම සේවා වසම් 07කට ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
     
    මෙම සිද්ධිය හේතුකොට ගෙන පසුගිය 17 දා පස්වරු 6.00 සිට ඊයේ (18) පෙරවරු 9.00දක්වා ද ඇඳිරිනීතිය පැනවීමට පොලීසිය ක්‍රියා කළ අතර මෙම ප්‍රදේශවල පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් 300ක් පමණ ආරක්ෂාව සඳහා යොදවා ඇත.
     
    මෙන් ම ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂයෙන් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ මෙන් ම වෙනත් ආකාරයෙන් අන්තවාදී පිරිස් විසින් නොයෙකුත් අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බවත් එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගෙන දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසිය කටයුතු කරමින් සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
     
    එවැනි ආකාරයෙන් අසත්‍ය ප්‍රචාර පතුරුවන්නන් හඳුනාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පොලිස්පතිවරයා විසින් දැනටමත් නියෝග ලබා දී තිබේ.
     
    මෙම කලහකාරී සිද්ධියට අදාළව සැකකරුවන් 19දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya