මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණමඩුව මහඋස්වැව දකුණ පානීය ජල ව්‍යාපෘතිය විවෘත කෙරේ

    ජූලි 09, 2014

    ආණමඩුව මහඋස්වැව ජනතාව මුහුණදුන් පානීය ජල ගැටලුවට ස්ථිර විසඳුමක් ලෙස මහඋස්වැව දකුණ පානීය ජල ව්‍යාපෘතිය විවෘත කිරීම සිවිල් ගුවන්සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා විසින් කරන ලදී.


    රුපියල් ලක්ෂ 56ක රජයේ ප්‍රතිපාදන හා ප්‍රජා දායකත්වය මත ඉදිකරන ලද මෙම මහඋස්වැව දකුණ පානීය ජල ව්‍යාපෘතිය තුළින් සෙත සැලසෙන පවුල් සංඛ්‍යාව 255කි.මෙම අවස්ථාවට එක් වූ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා පවසා සිටියේ මහඋස්වැව ජනතාව කලක පටන් මුහුණ දුන් පානීය ජල ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදෙන්නට හැකිවීම ඉතාමත් සතුටට කරුණක් වන බවයි.


    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, "ආණමඩුව ජනතාවගේ ගැටලු පිළිබඳව තමන්ට නිසි අවබෝධයක් ඇති බවත්, හැම ගමකට ම පානීය ජලය, හැම ගමකට ම විදුලි බලය, හැම පාසලක් ම අධ්‍යාපනයෙන්  සංවර්ධනය කිරීම තමන්ට මුහුණ දීමට ඇති අභියෝග බවත් පැවසීය.

    ඡන්ද කාලයට පමණක් පැමිණ සුරංගනා කථා කියමින් පසුව ජනතාවට සේවය කරනවා වෙනුවට තමන්ට සේවයක් කරගන්නා දේශපාලඥයින් නිසා අද දේශපාලකයා ගැන සමාජයේ වැරදි අර්ථ කථනයක් නිර්මාණය වී ඇති බව හෙතෙම පවසා සිටියේය.එසේම ග්‍රාමීය පෙදෙස්වල ජීවත්වන මිනිසුන්ගේ ගැටලු උකසට තබා ගෙන දේශපාලනය කරනවාට වඩා දේශපාලනයෙන් ඉවත්ව වෙනත් රැකියාවක් කිරීම වඩාත් සුදුසු බව පෙන්වා දුන් අමාත්‍යවරයා බොහොමයක් ආත්මාර්ථකාමී දේශපාලඥයින් ජනතාවගේ ප්‍රශ්න නොවිසදා කල්මරමින් සිටින්නට පුරුදු වී සිටින්නේ තමන්ගේ ඡන්දය ඒමත තීරණය වන නිසා බවද පෙන්වා දුන්නේය.

    අද විපක්ෂ නායකවරයා බැටළු සමක් පොරවා ගනිමින් දුප්පත් ජනතාව වෙනුවෙන් පොළේ යන බව ප්‍රකාශ කළත්, හොරෙන් රාත්‍රියට රටේ සතුරු බලවේග හමු වෙමින් මව්බිම පිටරට උන්ට උකස් කිරීමේ වැඩපිළිවෙළක් අරන් යන බවට රහසක් නොවන බවත්, දවල් මිගෙල් රෑ දනියෙල්ලාට ජනතාව නිසි පාඩමක් උගන්වනු ඇතැයිද පෙන්වා දුන්නේය.

    දේශපාලනය බොරුවෙන් හා කපටිකමින් තව දුරටත් මේ රටේ කරන්නට තරුණ පරපුර ඔවුන්ට ඉඩ දෙන්නේ නොමැති බව ඉතා පැහැදිලි කරුණක් බවත්, බඩ ගැන සිතනවාට වඩා රට ගැන හිතන තරුණ පරපුරක් රට තුළ නිර්මාණය වෙමින් පවතින බවත්, හෙතෙම ප්‍රකාශ කර සිටියේය.

    තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණු වන්නේ එහි ජීවත්වන මිනිසුන්ගේ ආකල්ප, ජීවන රටාව ආර්ථිකය වඩාත් යහපත් තත්ත්වයට ගෙන ඒම වුණත් ඇතැම් විටක එම පහසුකම් සුඛෝප භෝගී භාණ්ඩ පරිහරණයට පමණක් යොදා ගැනීම කනගාටුවට කරුණක් බවත් පෙන්වා දුනි.


    විදුලි බලය තුළින් ආණමඩුව අද සීග්‍ර දියුණුවක් ලබමින් තියෙන අතර, එම පහසුකම් යොදාගෙන කුඩා කර්මාන්ත, අධ්‍යාපනයේ දියුණුව ලබා ගෙන පවතින තත්ත්වයට වඩා වෙනස්, දියුණු වූ සමාජ  වටපිටාවක් ගොඩනගන්නට අත්වැල් බැද ගන්නා ලෙස සියලු ම ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.
     

    මෙම අවස්ථාවට පුත්තලම ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජේ.එම්. ප්‍රදීප්  හා ප්‍රාදේශීය ලේකම් ටී.එම්.ජේ.ඩබ්. තෙන්නකෝන් යන මහත්වරුද සහභාගී වූහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya