මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වියළි කාලගුණය නිසා පොලොන්නරුව ජනතාව පීඩාවට

    ජූලි 09, 2014
    පොලොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ආයත් ග්‍රාම නිලධාරී වසම් 10ක ජනතාව පීඩාවට පත්ව ඇත.
     
    දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 56ක පවුල් 25,157ක්, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 12ක පවුල් 4274ක්, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 2ක පවුල් 140ක්, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 6ක පවුල් 736ක්, මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 22ක පවුල් 3675ක් හා ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 10ක පවුල් 4623ක් වශයෙන් පවුල් 38,605කට අයත් පුද්ගලයින් 122,075ක පිරිසක් මෙසේ පීඩාවට පත්ව ඇත.
     
    පීඩාවට පත්ව ඇති පවුල් අතරින් පවුල් 12,622ක් සඳහා පානීය ජලය සැපයීමට සිදුව ඇති බවත්, ඔවුන් සඳහා බවුසර් මගින් අවශ්‍ය පානීය ජලය බෙදාහැරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ආරම්භ කොට ඇති බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා ප්‍රකාශ කළේය.
     
    ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මඟින් තමන් වෙත ලැබී ඇති බවත් ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ඉල්ලුම් කරන අවශ්‍යතාවන් මත එම මුදල් නිදහස් කරන බවද දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
     
    ජල හිඟය හේතුවෙන් ගොඩ ඉඩම් අක්කර 10,621ක් කුඹුරු ඉඩම් අක්කර 92,596කට බලපෑම් එල්ල වී තිබේ. 
     
    DB/ KA dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya