මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිකුණාමලයේ දිවි නැගුම සංවර්ධන නිලධාරීන් සඳහා වැඩමුළුවක්

    ජූලි 08, 2014

    ත්‍රිකුණාමලයේ දිවි නැගුම සංවර්ධන නිලධාරීන් සඳහා එක් දින වැඩමුළුවක් ඊයේ (07) ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්මණ්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.


    දිවි නැගුම සංවර්ධන ව්‍යාපෘතියේ අරමුණු පැහැදිලි කිරීම හා දිවි නැගුම සංවර්ධන නිලධාරීන්ගේ වගකීම් පැහැදිලි කිරීම වැඩමුළු‍වේ අරමුණු විය.


    ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ, ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) ටී.ටී.ආර්.ඩී. සිල්වා යන මහත්වරුන් ගෞරවනීය අමුත්තන් ලෙස සහභාගී වූහ. දිවි නැගුම සංවර්ධන ව්‍යාපෘතිය පිහිටුවා ඇත්තේ මහින්ද චින්තනයට අනුව දුගී බව පිටු දකිමින් රට ස්වයංපෝෂිත කිරීමේ අරමුණින් බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය  සුසන්ත පුංචිනිලමේ මහතා සංවර්ධන නිලධාරීන් අමතමින් ප්‍රකාශ කර සිටියේය.


    අප රට තුළ වගා කරීමට හැකි ආහාර අප රට තුළම වගා කර නිපදවා ගත හැකි නම් ස්වයං රැකියා අවස්ථා වැඩි කරගැනීමටත් එම ආහාර ආනනය කිරීම වළක්වා රටේ මුදල් විදේශයට යාම නවතා ගත හැකි බවටත් එතුමා මෙහිදී පැහැදිලි කරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා විශාල මුදලක් ආයෝජනය කර ඇත්තේ සංවර්ධන නිලධාරීන්ගේ උපරිම සහයෝගයද ඇතුව රටට වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමට බැවින් තම තම කර්තව්‍යයට පමණක් නොව මුළු සංවර්ධන ව්‍යාපෘතියටම නිලධාරීන් සහය විය යුතු බවත් අමාත්‍යතුමා තවදුරටත් අවධාරණය කළේය.


    ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ දැනට පවුල් 800ක් පමණ එළකිරි නිෂ්පාදනය කරන අතර අනාගතයේදී දිනකට එක් පවුලක් එළකිරි ලීටර් 15ක් දක්වා නිෂ්පාදනය වැඩි කිරීම ව්‍යාපෘතියේ විශේෂ අරමුණක් බවත් අමාත්‍යතුමා ප්‍රකාශ කරන ලදී.


    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya