මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රඹුක්කන පිංහේන වත්ත ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට

    ජූලි 08, 2014
    රඹුක්කන මැතිවරණ කොට්ඨාසයේ පත්තම්පිටිය, දීගනකන්ද, පිංහේන වත්ත ජල ව්‍යාපෘතිය ඊයේ (07) පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණි.
     
    සියවස් ගණනක් සිංහල හා මුස්ලිම් ජනයා සමගියෙන් දිවිගෙවන දීගනකන්ද, පිංහේන වත්ත ගම්මානයේ මෙතෙක් පැවති උග්‍ර ජල ගැටලුවට විසඳුමක් වශයෙන් සබරගමු පළාත් සභා අරමුදලින් නිමා වූ මෙම ජල ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව 48කි. ව්‍යාපෘතියේ සමස්ත වටිනාකම රුපියල් ලක්ෂ 05කට ආසන්න වේ. මහ ඇමති මහීපාල 
    හේරත් මහතාගේ නියමයෙන් මෙම ජල ව්‍යාපෘතිය ඉදිකෙරිණි.
     
    මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කළ අවස්ථාවට කෙම්පිටිකන්ද විහාරාධිපති ගංහැළ නාරද හිමිපාණෝ මෙන්ම සිංහල හා මුස්ලිම් ජනතාව ඊට එක්ව සිටියහ.
     
    මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභා මන්ත්‍රී කපිල අබේනායක ඇතුළු මහජන නියෝජිතවරු රැසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya