මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "එක් ගමකට එක් වැඩක්" - මාතරට රුපියල් ලක්ෂ 6500ක්

    ජූලි 09, 2014
    "එක් ගමකට එක් වැඩක්" රජයේ සංවර්ධන වැඩසටහන යටතේ මාතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ක් තුළ ග‍්‍රාම නිලධාරි වසම් 650ක් සඳහා එක් ග‍්‍රාම නිලධාරි වසමකට රුපියල් ලක්ෂ 10 බැගින් රුපියල් ලක්ෂ 6500ක් වෙන් කර තිබේ. 
     
    මාතර දිස්ත‍්‍රික්කයේ 2014 වර්ෂයේ සංවර්ධන කටයුතු සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් මෙම මුදල් ප‍්‍රතිපාදන වෙන්කර තිබේ. 
     
    මේ වන විට අනුමත කරන ලද වැඩ යෝජනා 948ක් සඳහා රුපියල් ලක්ෂ 6129ක් අනුමත කර ඇත. බොහෝ ව්‍යාපෘති දැනට ක‍්‍රියාත්මක කරමින් පවතින අතර මේ වසරේ දෙසැම්බර් 31 දිනට පෙර වැඩ යෝජනා සියල්ල ක‍්‍රියාත්මක කර අවසන් කළ යුතු බව මාතර දිස්ත‍්‍රික් ක‍්‍රම සම්පාදන අධ්‍යක්ෂ එස්.ජී. විදුර ප‍්‍රසන්න මහතා පවසයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya