අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ පුද්ගලයින් 300කට හිමිකම් ඔප්පු

    නොවැම්බර් 07, 2017
    කෑගල්ල දිස්ත‍්‍රික් ඉඩම් ඔප්පු පිරිනැමීමේ උත්සවය ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් හා කර්මාන්ත හා වාණිජ රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මැතිතුමාගේ සහභාගීත්වයෙන් ඊයේ (06) කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා ප්‍රථමික විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.
     
    මෙහිදී ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමේ සංවිධානයෙන් කෑගල්ල ප්‍රදේශවල ඉඩම් අයිතිය නොමැතිව කාලයක් පදිංචිව සිටි පුද්ගලයන් 300කට පමණ හිමිකම් ඔප්පු ප්‍රදානය කෙරුණි.
     
    එම අවස්ථාවට ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමේ සභාපති සම්පත්සුභසිංහ ආරච්චි මහතා ඇතුළු එම කොමිසමේ නිලධාරින් සහ සම්භාවනීය අමුත්තන් රැසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya