මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු තාක්ෂණය ඉහළ නැංවීම සඳහා කතිකාවක් කෑගල්ලේ දී

    ජූලි 08, 2014

    විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් කෑගල්ල දිස්ත්‍රික්කයේ තොරතුරු තාක්ෂණ දැනුම, ප්‍රජාවට හා දිස්ත්‍රික්කයේ දරුදැරියන්ට ලබා දීම වෙනුවෙන් ඇප කැප වන නිලධාරීන් සමඟ එම විෂය සම්බන්ධයෙන් කතිකාවක් ආරම්භ කිරීම පසුගිය දා කෑගල්ල තැපැල් කාර්යාල ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිණි.


    විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් පිහිටවනු ලැබූ නැණසල භාරකරුවන්, ඊ ශිල්පාගාර භාරකරුවන්, මහින්දෝදය විද්‍යාගාර නිලධාරීන්, රජයේ විවිධ ආයතනවල පරිගණක කටයුතු සම්බන්ධ නිලධාරීන් හා දිස්ත්‍රික්කයේ පරිගණක මධ්‍යස්ථාන පවත්වාගෙන යන පිරිස් මූලික කර ගනිමින් මෙම කතිකාව ආරම්භ කෙරුණ අතර, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයේ වර්තමාන තත්ත්වය, මේ වන විට පවතින ගැටලු හා ආයතන මට්ටමින් මුහුණ දී ඇති ගැටලු සඳහා මෙහි දී වැඩි අවධානයක් යොමු කෙරිණි.

    මේ අවස්ථාව සඳහා විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

    ECB/LT_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya