මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සණස විශ්වවිද්‍යාලය සඳහා ප්‍රථම කණ්ඩායම බඳවා ගැනේ

    ජූලි 08, 2014

    කෑගල්ල සණස විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධි පාඨමාලා ආරම්භය උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කෑගල්ලේදී ආරම්භ කෙරිණි.


    සණස විශ්වවිද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණ්ඩායම 50 දෙනෙකුගෙන් සමන්විත වන අතර බැංකු හා මූල්‍යකරණය, කළමනාකරණය, අලෙවිකරණය වැනි ක්ෂේත්‍රයන් පිළිබඳ ප්‍රමුඛත්වය ලබා දෙමින් විවිධ උපාධි පාඨමාලා, ඩිප්ලෝමා හා සහතිකපත්‍ර පාඨමාලා රැසක් විශ්වවිද්‍යාලය මගින් මේ වන විට ආරම්භ කර ඇත.

    මේ අවස්ථාව සඳහා මහා සංඝරත්නය ද, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී වනිගසිංහ, සණස විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, සණස නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

    ECB/TL_dmu_Kegalle


    lw2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya