අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අංකෙලිපිටිය පානිය ජල යෝජනා ක්‍ර‍මයට මුල්ගල තැබීම අදයි

    ඔක්තෝබර් 19, 2017

    සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කදුරට උරුමය පිළිබද අමාත්‍යාංශය යටතේ ඇති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන මහනුවර අංකෙලිපිටිය පානීය ජල යෝජනා ක්‍ර‍මයට මුල් ගල් තැබීමේ උත්සවය ඔක්තෝබර් 19 වෙනි බ්‍ර‍හස්පතින්දා අද පැවැත් වේ.

    රුපියල් ලක්ෂ 800ක වියදමින් ක්‍රියාත්මක කරන මෙම ජල යෝජනා ක්‍ර‍මය හේතුවෙන් ග්‍රාම නිලධාරි වසම් 08ක පවුල් 3000කට සෙත සැලසේ.

    සමාජ සවිබලගැන්වීම් , සුභසාධන හා කදුරට උරුමය පිළිබද අමාත්‍ය එස්.බී . දිසානායක මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට මධ්‍යම පලාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඇතුළු ප්‍රාදේශීය හා පළාත් දේශපාලඥයන් රැසක් ද , සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා  ඇතුළු උසස් නිලධාරින් රැසක් ද සහභාගි වේ.

    උත්සවය 19 වන දින පෙ.ව.9.00ට අංකෙලිපිටිය බෙල්වූඩ්  මංසන්දියේ දී පැවැත් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya