අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ ඩෙංගු අවධානම පහළට

    ඔක්තෝබර් 18, 2017
    මේ වන විට කෑගලු දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉතා අවම මට්ටමක පවතින බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසයි.
     
    2017 වර්ෂය තුළ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගීන් 8746 දෙනෙක් වාර්තා වු අතර වැඩිම රෝගීන් සංඛ්‍යාව මාවනැල්ල, වරකාපොළ සහ අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් වාර්තා වී තිබේ. මේ වන විට දිස්ත්‍රික්කය තුළ ඩෙංගු මරණ 29 ක් වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක්,  ජූනි 1964, ජූලි 2565 , අගෝස්තු 1684 මාස වලින් වාර්තා වූ අතර සැප්තැම්බර් මාසය වන විට එම තත්ත්වය 782 ක් වී තිබෙන බව පෙන්වා දුන්නේය.  
     
    කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා මෙම අදහස් පළ කළේ දිස්ත්‍රික් ඩෙංගු අන්තර් සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙමිනි. 
     
    කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්ත වෙමින් පැවති ඩෙංගු රෝගය වළක්වා ගැනීම සඳහා මාස 5 ක් තිස්සේ කරනු ලැබූ වැඩසටහන් රාශියක්  මගින් ම තත්ත්වය අවම කර ගැනීමට හැකි වූ බව පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා මෙම කාර්යය සඳහා සහය දැක්වූ සෞඛ්‍ය නිලධාරී කාර්යාලය, පළාත් පාලන ආයතන, නගර සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පොලීසිය යුද හමුදාව  හා  ස්වෙච්ඡා සංවිධාන ඇතුළු දායක වූ සැමට ස්තූතිය පුද කළේය. 
     
    මෙම අවස්ථාවට දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක , ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය සභා ලේකම්වරුන් , පොලීසිය, යුද හමුදාව ඇතුළු රැසක් සහභාගී වූහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya