අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කරුවලගස්වැව ස්වයං රැකියාලාභීන්ට රජයෙන් පහසුකම්

    ඔක්තෝබර් 15, 2017
    ග‍්‍රාමීය ජීවනෝපායන් වර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ ආණමඩුව - කරුවලගස්වැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මකයි.
    ස්වයං රැකියා අවස්ථා ප‍්‍රවර්ධනය කරමින් නිවස, ගම කේන්ද්‍ර කරගත් කර්මාන්ත ඇති කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. ආහාර නිෂ්පාදනය,  ඇගළුම්, විසිතුරු භාණ්ඩ, ආභරණ නිෂ්පාදනය ඇතුළු කර්මාන්ත රැසක් මේ යටතේ ආරම්භ කිරීමට නියමිත බව කරුවලගස්වැව ප‍්‍රාදේශිය ලේකම් ජානක මහතා පවසයි. එම ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන, පුහුණුව ඇතුළු අනෙකුත් සියළු අවශ්‍යතාවන් සපයන්නේ සමෘද්ධි ව්‍යාපාරය විසිනි.
     
    මේ යටතේ ස්වයං රැුකියාවල මේ වන විටත් නිරත වෙමින් සිටින ජනතාව සවිබල ගැන්වීමටද පියවර ගෙන තිබේ. ඔවුන්ගේ අඩුපාඩු සපුරාලීමටද රජය පියවර ගෙන ඇති අතර එම කර්මාන්ත තවදුරටත් දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය තාක්‍ෂණික උපකරණ ප‍්‍රදානය කිරිම පසුගියදා කරුවලගස්වැව ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණ.  වැඩසටහන රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
     
    කරුවලගස්වැව ප‍්‍රාදේශිය ලේකම් ජනක තුෂාර බාලසූරිය මහතා ඇතුළු එම කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya