අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අරණායක කඳවුරේ ශිෂ්‍යත්ව සමතුන් සබරගමුව අගයයි

    ඔක්තෝබර් 13, 2017
    පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනෙන් ම දෙවන ස්ථානය ලැබූ ටී.එම්. සංජන නයනජිත් තෙන්නකෝන් සහ අරණායක කඳවුරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට සමත් ඩබ්.ඒ. සේමිනි ධවනි විජේසූරිය සහ ජී. ආකාශ් තරුෂිකා විජේවර්ධන යන සිසු දරුවන් පසුගියදා සබරගමුව පළාත් සභාවේ ඇගයීමට ලක්කරනු ලැබීය.
     
    සබරගමුව ආණ්ඩුකාරවර ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා මහතා පසුගිය දා පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී මෙම දරුවන් ඇගයීමට ලක් කෙරිණි.
     
    ශිෂ්‍යත්වයෙන් ලකුණු 197 ලබාගත් වරකාපොල ප්‍රාථමික විද්‍යාලයේ ටී.එම්. සංජන නයනජිත් තෙන්නකෝන් ශිෂ්‍යා සඳහා සබරගමුව පළාත් සභා අරමුදලින් රුපියල් පනස්දහසක මූල්‍ය පරිත්‍යාගයක් ද ආණ්ඩුකාරවරයා විසින් මෙදින ප්‍රදානය කරනු ලැබීය.
     
    නාය යෑමෙන් නිවාස අහිමි වූ ඩබ්.ඒ. සේමිනි ධවනි විජේසූරිය සහ ජී. ආකාශ් තරුෂිකා විජයවර්ධන යන දරුවන් සඳහා රුපියල් විසිපන්දහස බැගින් මූල්‍ය පරිත්‍යාගයන් ද සිදු කරනු ලැබීය.
     
    මෙම දරුවන්,මේ වන විටත් රැඳී සිටින්නේ අරණායක කඳවුරු තුළය.
     
    ඩබ්.ඒ. සේමිනි ධවනි විජේසූරිය ශිෂ්‍යාව ශිෂ්‍යත්ව විභාගයෙන්  ලකුණූ 185 ක්ද, ජී.ආකාශ් තරුෂිකා විජයවර්ධන 171 ලබා ගෙන තිබිණි.
     
    එම දරුවන් දෙදෙනා මාවනැල්ල උස්සාපිටිය ශ්‍රී සුමංගල කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya