මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ස්‍ය සම්පත සුරැකීමේ හා වගා ප්‍රවර්ධන වැඩසටහන් සාර්ථකයි - ධීවර ඇමැති

    ඔක්තෝබර් 13, 2017
    ශ්‍රී ලංකාවේ සමස්ත මත්ස්‍ය අවශ්‍යතාවය සඳහා මත්ස්‍ය සම්පත සුරක්ෂිත කිරීම හා මත්ස්‍ය වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සියලු වැඩකටයුතු පසුගිය වසර දෙක තුළ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් යථාර්තයක් බවට පත් කළ බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් පරිදි ක්‍රියාත්මක කර තිබෙන ආහාර නිෂ්පාදන වගා සංග්‍රාම වැඩපිළිවෙළ යටතේ වූ ධීවර දින ප්‍රධාන වැඩසටහන ත්‍රිකුණාමලය කල්ලරාව දී පැවැති අතර මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    එහිදී ජලජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 200ක වියදමින් ස්ථාපිත කරන ලද මිරිදිය ඉස්සන් අභිජනන මධ්‍යස්ථානය අමාත්‍යවරයා අතින් විවෘත විය. ඊට සමගාමීව දැල් ආම්පන්න හා ධීවර ප්‍රජාවගේ සනීපාරක්ෂක පහසුකම් නැංවීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමීම ද අමාත්‍යවරයා අතින් සිදුවිය.
     
    "ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය වත්මන් රජය යටතේ ජයග්‍රහණ රැසක් පසුගිය වසර දෙක තුළ අත්පත් කර ගත්තා. ඉන් පළමුවැන්න තමයි අපේ මත්ස්‍ය සම්පත අපනයනය සඳහා යුරෝපා සංගමය විසින් පනවා තිබු අපනයන තහනම ඉවත් කරවා ගැනීම. ඒ වගේම තමයි GSP+ සහනය නැවත ලබා ගැනීමට හැකිවීම. මේ දෙකෙන්ම වැඩිම වාසියක් අත් වුනේ ධීවර කර්මාන්තයට. මේ වසරේ ගත වු මුල් මාස 06 තුළ අපේ රටේ සමස්ත අපනයන ඉපයීම්වලින් වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ ධීවර කර්මාන්තයෙන්. එම කාලය තුළ ධීවර සම්පත්, මුහුදු ආහාර අපනයනයෙන් අපේ රට උපයා ගත් ආදායම සියයට 44කින් ඉහළ ගොස් තිබෙනවා. මේ රටේ සමස්ත අපනයන ගත් විට ඒවා අංශ දෙකක්. එකක් කාර්මික අපනයන. අනික කෘෂි අපනයන. මත්ස්‍ය අපනයනය අයත් වන්නේ කෘෂි අපනයනය ගනයටයි. එම ක්ෂේත්‍රයන් වැඩිම ආදායමක් උපයා ගෙන තිබෙන්නේ ධීවර ක්ෂේත්‍රයෙනුයි".
     
    "ඒ වගේම තමයි අපේ රට සංවර්ධනය කළ හැකි ක්‍රියාමාර්ග තිබෙන්නේ දෙක තුනක් පමණයි. එකක් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම. දෙවැන්න ධීවර කර්මාන්තය. තුන්වැන්න කාර්මික අපනයනය ඉහළ නැංවීම. එයිනුත් අපිට පහසුවෙන් ලගා කර ගත හැකි ඉළක්කය තමයි ධීවර කර්මාන්තය නඟාසිටුවීම" බවත් පැවසීය.
     
    මේ රජය බලයට පත්වුනාට පසුව ගත වු කාලය තුළ අපිට ධීවර කර්මාන්තයෙන් විශාල ආදායමක් උපයා ගන්නට හැකි වුණා. ඒ වගේම තමයි අපේ අපනයනය ප්‍රමාණයත් ඉහළ ගියා. සමහරු අහනවා ලංකාව වගේ අට ගුණයක් විශාල මුහුදු කළාපයක් අපට තිබෙද්දී රටේ පරිභෝජනයට අවශ්‍ය තරම් මාලු ටික අල්ලා ගන්න බැරි ඇයි කියලා. අපේ රට වටේ මුහුදු තිබු පමණින් ඇති තරම් මාලු අල්ලන්න පුළුවන් කමක් නෑ. විවිධ ජාත්‍යන්තර නීති රීති ඊට හරස් වෙනවා. නමුත් මත්ස්‍ය වගාව සිදු කරන්නට අපිට කාගෙන්වත් තහනමක් නෑ.අපේ රටේ මත්ස්‍ය වගාවට ඕන තරම් ඉඩකඩ තිබෙනවා. ඒවාට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න අපි සුදානම්" යැයි ද කීය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආරම්භ කළ "අපි වවමු රට නගමු" වැඩසටහන වගේම මෙම වගා සංග්‍රාම වැඩසටහනත් සාර්ථක වෙනවා. මෙම ධීවර දිනය තුළ අද අපි වැඩපිළිවෙළ රැසක් ධීවර කර්මාන්තය ආශ්‍රිතව ක්‍රියාත්මක කරනවා. එහි ප්‍රධාන වැඩසටහන තමයි කල්ලරාවේදී පැවැත්වෙන්නේ. මෙහිදී මිරිදිය ඉස්සන් පැටවු මිලියන 50ක් අපි මෙම අභිජනන මධ්‍යස්ථානයේ නිෂ්පාදනය කරනවා. මින් පසු  උතුරු ප්‍රදේශයේ ජලාශවලට දකුණේ සිට ඉස්සන් පැටවු ගෙන ඒමට අවශ්‍යතාවයක් නැහැ. කල්ලරාව අභිජනනාගාරයෙන් උතුරු පළාතටම අවශ්‍ය ඉස්සන් පැටවු අපි බෙදා දෙනවා" යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
     
    මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි, නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ.මෙහි දී ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපතී උපාලි මොහොට්ටී මහතා ද අදහස් පළ කළ අතර අමාත්‍යංශයේ ලේකම් මංගලිකා අධිකාරී මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya