අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සින්නක්කර ඔප්පු ලබා දීමේ අභියෝගය යථාර්තයක් කරනවා - ඇමැති ගයන්ත

    ඔක්තෝබර් 13, 2017
    ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ඉඩම් ගැටලු නිරාකරණය කර සින්නක්කර ඔප්පු ලබා දීමේ දැවැන්ත අභියෝගය යථාතත්වයක් බවට පත් කිරීමේ කාර්යය හමුවේ, ඉඩම් අමාත්‍යාංශය යටතේ ඇති සියලු ම ආයතන එක් දම්වැලක පුරුකක් සේ ගැටගහගෙන මේ දැවැන්ත අභියෝගය ජයගත යුතුව තිබෙන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
     
    ඉතාමත් ක‍්‍රමානුකූලව ඉඩකඩ අනුව රටේ ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඒ වගේම අපේ රටේ සංවර්ධන ක්‍රියාදාමය වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් සිදු කරන තැනක් ලෙසින් රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව දැකීම සතුටට කරුණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    ඇමතිවරාය මේ බව පැවසුවේ පසුගිය දා රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක යෙදෙමිණි. 
     
    මෙම නීරීක්ෂණ චාරිකාව අතරතුරේදී ඉඩම් සිතියම් කිරීම, චන්ද්‍රිකා තාක්ෂණ ඔස්සේ ඉඩම් මැනීම ආදී විවිධ ක්ෂේත‍්‍රයන් ආදී විශේෂ ක්‍රියාදාමයන් පිළිබඳව ද ඇමතිවරායට දැක ගැනීමට හැකිවිය.
     
    ශ්‍රී ලංකාවේ ඇති සියලු ම ග‍්‍රාමසේවා වසම් සම්බන්ධ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් අන්තර් ජාලයට මුදා හැරීම ඇමතිවරයා අතින් සිදු කෙරුණි.
     
    මෙම අවස්ථාවට ඉඩම් අමාත්‍යාංශ ලේකම් අයි.එච්.කේ. මහානාම සහ මිනුම්පති පී.එම්.පී. උදයකාන්ත මහතා ඇතුළු මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya