මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව හෙට

    ජූලි 07, 2014
    මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් ඒ. මීගස්මුල්ල මහත්මියගේ ප්‍රධානත්වයෙන් හෙට (08) පෙ.ව. 9.30ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.


    මෙහි දී දිස්ත්‍රික්කයට අදාළ කෘෂිකාර්මික බෝග වගාවන් වන වී, බී ලූනු ,මිරිස් සහ අනෙකුත් එළවළු වර්ග සහ පලතුරු වගාවන්ට අදාළ ගැටලු , වගා ව්‍යාප්තිය වෙළෙඳපොළ සහ මිල ගණන් පිළිබඳව සාකච්ඡා කිරිමට නියමිත අතර විශේෂයෙන් යල කන්නයේ වී වගා කිරීම පිළිබඳ නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරනු ඇත.

     

    මෙම අවස්ථාවට නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රසන්න පලේමුල්ල මහතා ඇතුළු කෘෂිකාර්මික අංශයට සම්බන්ධ නිලධාරීන්, ගොවිජන සේවා නිලධාරීන්, සහ ගොවි සංවිධාන නියෝජිතයන් රැසක් සහභාගී වීමට නියමිතය.

     

    NDH/GNK-ISB_dmu_matale

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya