මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිඹුලාගල උසස් පෙළ සිසුන්ට අධ්‍යාපන මාර්ගෝපදේශන වැඩමුළු මාලාවක්

    ජූලි 07, 2014
    පොලොන්නරුව, දිඹුලාගල අධ්‍යාපන කලාපයේ අ.පො.ස. උසස් පෙළ විෂය ධාරාවන් ඉගැන්වෙන පාසල් 23ක 12 ශ්‍රේණියේ නවක සිසු සිසුවියන් සඳහා අධ්‍යාපන මාර්ගෝපදේශන වැඩමුළු මාලාවක් පැවැත්වීමට උතුරු මැද පළාත් මනෝ සමාජීය උපදේශන සේවා අංශය පියවර ගෙන ඇත.


    මෙහිදී උසස් පෙළ හදාරණ නවක සිසුන් සඳහා විෂය ධාරාවක් හඳුන්වාදීම, ඒ ඒ විෂය ධාරාවන් තුළින් විශ්වවිද්‍යාල වරම් ලැබීම සඳහා වාසිදායක වන ලෙස විෂයයන් සංශෝධනය කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ සිසු සිසුවියන් දැනුවත් කිරීම මින් අපේක්ෂා කෙරේ.

     

    මීට අමතරව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ලබා ගන්නා ඉසෙඩ් අගය පිළිබඳව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟින් නිකුත් කරන විශ්වවිද්‍යාල ප්‍රවේශපත්‍ර පිළිබඳ ව මෙහිදී දැනුවත් කෙරිණි.

     

    උතුරු මැද පළාත් මනෝ සමාජීය මැදිහත්වීම හා උපදේශන සේවා අංශයේ ඩී.කේ.කේ. ලක්ෂ්මන් මහතාගේ මගපෙන්වීම යටතේ මේ වැඩමුළු මාලාව පැවැත්විණි. දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එන්.එම්.කේ.බී. නවරත්න මහතාගේ මෙහෙයවීම මත විෂය අධ්‍යක්ෂක එල්.ඩී. ගුණවර්ධන, මාර්ගෝපදේශන අංශයේ නිලධාරීන් වන එස්.එම්.පී. බණ්ඩාර හා ආර්.එම්. විමලසිරි යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙය ක්‍රියාවට නැංවිණි. 

     

    නෙළුම් වැව විද්‍යාලය, මනම්පිටිය මහා විද්‍යාලය සෙවණ පිටිය ඉසුරු විද්‍යාලය සහ මාදුරු ඔය දම්මින්න මහා විද්‍යාලවල දී ද ඉදිරියේදී මේ වැඩමුළු ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇත.

     

    NDH/WK-BG dmu polonnaruwa

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya