අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කතරගම පාද වන්දනාවේ යන උතුරු නැගෙනහිර වැසියන්ට සියලු ම පහසුකම් හමුදාවෙන්

    ජූලි 07, 2014

    මෙම දිනවල යාල හරහා කතරගම පාද වන්දනාවේ යන උතුරු හා නැගෙනහිර ප්‍රදේශයේ බැතිමතුන්ට අවශ්‍ය සියලු ම පහසුකම් ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් ඇතුළු සාමාජිකයින් විසින් ලබාදීමට කටයුතු කරනු ලැබ ඇත.


    යුද සමයේදී එල්ටීටීඊ ග්‍රහණයේ සිර කරගෙන සිටි ලක්ෂ ගණනක් වූ ද්‍රවිඩ සිවිල් වැසියන්ට ආරක්ෂාව සපයමින් ඔවුනට අවශ්‍ය උදව් උපකාර කරමින් නිරුපද්‍රිතව ඔවුන් බේරා ගැනීමට ක්‍රියා කරන ලද හමුදාව යුද්ධයෙන් අනතුරුව ඔවුන් රැකබලා ගනිමින් ඔවුන් ජීවත්ව සිටි ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කරමින් හා අවශ්‍ය යටිතල පහසුකම් සපයමින් නැවත පදිංචි කිරීම සඳහා විශාල මෙහෙයක් සිදු කරන ලදී. අනතුරුව එකී ප්‍රදේශවල ආර්ථික සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් සපයනු ලැබුවේද ශ්‍රී ලංකා යුද හමුදාව විසිනි.

    කුමන සිට යාල අංක 02 කලාපයට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය සියලු ම පහසුකම් ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුව විසින් ලබාදෙනු ලබන අතර ජලයෙන් පිරි කුඹුක්කන් ඔය තරණය කරනු ලබන බැතිමතුන්ට සිය බඩු බාහිරාදිය මෙගොඩට රැගෙන ඒම පිණිස යුද හමුදාවේ තරුණයන් ගෙන් උපකාර ලැබේ.
    පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය සෞඛ්‍ය හා පානීය ජලය පමණක් නො ව ආහාර පාන ද ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නියෝගයෙන් හමුදා නිලධාරීන් ක්‍රියා කරමින් සිටිති. එසේම මෙම බැතිමතුන්ට අවශ්‍ය ද්‍රව්‍ය කතරගම දේවාලයේ බස්නායක නිලමේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් ලබාදීමටද පියවර ගෙන ඇත.

    ECB/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya