අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත‍්‍රික් ළමා සංවර්ධන කමිටු රැස්වීම 10දා

    ජූලි 07, 2014
    මාතර දිස්ත‍්‍රික්කයේ ලක්‍ෂ තුනකට ආසන්න ළමා ජනගහනයක් ජීවත්වන අතර ඔවුන්ගේ සුරක්‍ෂිතතාව හා අනාගත අභිවෘද්ධිය උදෙසා විවිධ තීන්දු තීරණ ගන්නා මාතර දිස්ත‍්‍රික් ළමා සංවර්ධන කමිටු රැස්වීම මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ලබන 10දා පෙ. ව. 9.00ට මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සූදානම්කර ඇත. 


    තෙවන වරටත් පවත්වන මේ සාකච්ඡාවේදී ළමා අපචාර, ළමා අපයෝජන, ළමයින්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය සහ ළමා හිංසනය ආදිය අවම කර ගැනීම සඳහා දිස්ත‍්‍රික්කයක් වශයෙන් ගත හැකි ක‍්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කෙරේ. එසේම ළමයින් වෙනුවෙන් ක‍්‍රියාත්මක කරන ළමා සුබසාධන වැඩසටහන් හා ඒවායේ ගුණාත්මක භාවය පිළබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

     

    මාතර දිස්ත‍්‍රික්කයේ සියලුම ප‍්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ළමා සංවර්ධන ක්ෂේත‍්‍රයට සම්බන්ධ සියලුම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන හා පොලිසිය මේ අවස්ථාවට සහභාගිවීමට නියමිත ය.   

     

    NDH/TI-dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya