අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Yes තරුණ වැඩසටහනක් අනුරාධපුරයේදී

    ජූලි 07, 2014

    මහජන බැංකුව මෙරට තරුණ පරපුර වෙනුවෙන් හඳුන්වා දී ඇති Yes ඉතුරුම් ගිණුම තුළින් පිරිනමන ආකර්ෂණීය ප්‍රතිලාභ තරුණ තරුණියන් වෙත සමීප කරවීමේ අරමුණින් සංවිධානය කළ විශේෂ වැඩසටහනක් පසුගියදා අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


    මහජන බැංකුවේ අනුග්‍රාහකත්වයෙන් ජාතික තරුණ සේවා සභාව සහ අනුරාධපුර යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩලය සංවිධානය කළ අනුරාධපුර ශ්‍රී ලංකා යූත් දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ.මෙම වැඩසටහනට ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්, යොවුන් ක්‍රියාකාරකම් සමඟ ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් ඉදිරිපත් කරන ලද ගායනා හා විවිධ විනෝදාත්මක අංග රැසක්ද ඇතුළත් විය.



    මෙහිදී තරුණ පිරිස් විශාල වශයෙන් Yes ගිණුම සමඟ සම්බන්ධ වූ අතර, ඔවුන් වෙත වටිනා තිළිණ ප්‍රදානය කිරීමද සිදුවිය.එමෙන් ම මෙහි ස්ථාපිත කර තිබූ මහජන බැංකු ප්‍රදර්ශන කුටියේදී මොබයිල් බෑන්කින් සම්බන්ධතා රැසක් ඒ මොහොතේ ම ලබාදීමට කටයුතු කෙරිණ.

    මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ පළාත් අධ්‍යක්ෂක එම්.බී. ගුණසේන, දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ සුනිල් ජයමහ, මහජන බැංකුවේ සහකාර සමාන්‍යාධිකාරී (උතුරු මැද කලාපය) ඩබ්ලිව්.එම්.එස්. වීරකෝන් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya